IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


මව - දරු දෙදෙනා නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්

( පුෂ්පකුමාර ජයරත්න )

මාවතගම දෙල්ගොල්ලවත්ත ප්‍රදේශයෙ නිවෙසක  නිදන ඇඳක මෙට්ටයක් යට සිටියදී නයි පැටවුන් 30 දෙනකු සොයා ගත් පුවතක්  වාර්තාවේ.

නිවැසියන් කරන ලද දැනුම් දීමකට අනුව පරිසරවේදියකු වන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවය කරන කැළුම් සෝමරත්න මහතා අද එම නිවසට ගොස් කරන ලද සොයා බැලීමකින් පසුව මෙම නයි පැටවුන් 30 දෙනා සොයා ගැනීමට හැකිවී තිබේ.

මෙම සිද්ධියේ විශේෂත්වය වන්නේ නිවෙස් හිමියාගේ බිරිඳ සහ දරුවන් නිදා සිටියදීම එම ඇඳේ මෙට්ටය යට මෙම නයි පැටවුන් 30 දෙනාද දින ගණනාවක්ම සිට තිබීමය.

ඊට පෙර දිනයේ නිවෙස තුළ සිටියදී ප්‍රථමයෙන්ම නයි පැටවුන් දෙදෙනකු හමුව ඇති අතර නිවෙස් හිමියා බියට පත්ව එම සතුන් දෙදෙනාට පහරදී මරා දමා ඇත.

ඉන් පසු දින රාත්‍රියේ ඇඳට දමා තිබූ මදුරු දැලෙන් ඇතුළු වූ තවත් නයි පැටවෙකු ඇඳේ නිදා සිටි අයකුගේ සිරුර මතින් ගමන් කර ඇති අතර ඉන් මහත්සේ බියට පත් ඔවුන් පසුව සැකයට මෙන් ඇඳ පරීක්ෂා කර බලත්දී ඇඳට දමා තිබෙන ලෑල්ලක් සහ මෙට්ටයත් අතර කොටසේ පොදියක් මෙන් සිටින නයි පැටවුන්ව දැක ඇත.

ඔවුන් පසුව ඒ බව පරිසරවේදියකු වන කැළුම් මහතාට දැනුම් දීමෙන් පසුව ඒ මහතා පැමිණ නිවෙස පරීක්ෂා කර බලා ඇඳේ මෙට්ටය යට සිටි නයි පැටවුන් ආරක්ෂිතව ඉවත් කර ඇත.

එම නිවෙස දැඩි පරීක්ෂාවකට ලක් කළද වෙනත් නයි පැටවුන් හෝ මවු සතා හෝ පැටවුන් බිහිවූ බිත්තර වල කටු පවා හමු නොවූ බවද නමුත් පැරණි නිවෙසක් වන එහි කොටසක ඇති බෙනයක් වැනි ස්ථානයකින් මවු සතාගේ බවට සැක කරන හැවක් සොයා ගැනීමට හැකිවූ බවද කැළුම් මහතා සඳහන් කළේය.



අදහස් (5)

මව - දරු දෙදෙනා නිදාගත් ඇඳේ මෙට්ටය යට නයි පැටව් 30ක්

Prabha Sunday, 01 August 2021 09:10 PM

මීට වඩා සැලකිලිමත්විය යුතුයි

:       0       2

සෙනෙවිරත්න Sunday, 01 August 2021 09:19 PM

දැන් කියාවි මළගිය ප්‍රාණකාරයෙකු නයෙක් වෙලා කියල. ඔක අහඹු සහ වියහැකි ස්වාභාවික සිද්ධියකි.

:       0       0

Sameera Sunday, 01 August 2021 11:46 PM

ඇගේ මයිල් කෙලින් උනා...අම්බෝ බයානකයි

:       0       4

සිරි Sunday, 01 August 2021 11:49 PM

කැලණිය පැත්තෙ තැනක විශාල ශබ්දයක නගල නාගයෙක් පහල වුනාම සෞභාග්‍යය උදාවුනා. මේ පවුලටත් තව ඩින්ගෙන් සෞභාග්‍යය උදාවෙන්න තිබුනා. කෝ මේ පරිසරවේදියෙක් ඇවිත් එකට බාධා කරලනෙ

:       0       27

Siri Perera Monday, 02 August 2021 11:55 PM

මුචලින්දගේ පැටව්ද කොහෙද? කැලණි ගඟ යන්නේ ඒ පැත්තෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 359 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site