
(ගයාන් සූරිය ආරච්චි සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මුදල් නොදුන්නැයි මවට කොසු මිටකින් සහ අතින් පයින් පහරදී තුවාල සිදුකිරීමෙන් අනතුරුව තුවාල ලබා රෝහල්ගත කර සිටි මව ඊයේ (18) මියයාම සම්බන්ධයෙන් සැකකාර පුතා අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙමටගොඩ ආරාමපාර ප්‍රදේශයේ පදිංචි අවුරුදු 42 ක පුද්ගලයෙකි.
සැකකරු තදින්ම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ පුද්ගලයකු වන අතර ඔහුගේ දියණිය ඉකුත් පාස්කු ප්‍රහාරයට ලක්වී මියගොස් ඇති බවත් ඔහුගේ බිරිය දැනට විදෙස්ගතව ඇති බවත් පොලිසිය පවසයි.
සැකකරුගේ පහරදීමෙන් මියගොස් ඇත්තේ දෙමටගොඩ ආරාම ප්‍ර දේශයේ පදිංචි එම්.ඒ.ඩබ්. සල්වම්මා නැමැති 65 හැවිරිදි කාන්තාවකි.
සැකකරු ගේ මව රෝගීව රෝද පුටුවක සිටන කාන්තාවක වන අතර සැකකරු මත්ද්‍රව්‍ය පානය කිරීම සදහා ඉකුත් (12) දා මවගෙන් මුදල් ඉල්ලු පසු මව මුදල් නොදීම හේතුවෙන් අතින් පයින් සහ කොසු පොල්ලකින් පහරදී නිවෙසින් පිටව ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 04
653
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
538
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
444
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මවට කොසු මිටෙන් පහරදී ඝාතනය කළ පුතා අත්අඩංගුවට