( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබද පාලමක් යට තිබී හිමිකරුවෙකු නොමැති විදේශීය රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ එයට යොදන ජිව උණ්ඩ තොගයක් සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
අංක 637389 ජර්මනියේ නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සහ ජිව උන්ඩ 21 ක් එහි තිබී සොයාගෙන ඇත.
පාතාල සහ සංවිධානාත්මක අපරාද කල්ලි මෙන්ම මත්ද්‍රව ජාවාරම මැඩලීමේ මෙහෙයුමේ නිරත කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්ත කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදී මාලිගාවත්ත ඇපල් වත්ත මිලානියා නිවාස සංකීර්ණයට යාබදව පිහිටි පාලම යට කවරේක තා තිබූ මෙම ගිනි අවීය හා ජීව උණ්ඩ තොගය සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd