
(ටී.කේ.ජී.කපිල )
ශ්‍රී ලංකාවේ ගොවිතැන සාර්ථක කර ගැනීම සදහා , කුඩා බිම් ප්‍රමාණයක වගා කර වැඩි අස්වනු ප්‍රමාණයක් ලබා ගත හැකි , නවීන තාක්ෂණයෙන් යුතු , ලෝකයේ දියුණු කෘෂිකාර්මික රටවල් භාවිතා කරන , 04 වන පරම්පරාවේ දියර පොහොර නිෂ්පාදන කර්මාන්තශාලාවක් මෙරට තුළ ස්ථාපිත කිරීම සදහා , අවශ්‍ය තාක්ෂණය රැගත් දකුණු කොරියානු ආයෝජකයෝ දෙදෙනෙක් දිවයිනට පැමිණියහ .
අන් ජින්සොක් ( An Jinseok) සහ සොන්ග් ජේ හෝ ( Song Jae Ho ) එම ආයෝජකයන් දෙදෙනා වන අතර , ඔවුන්ගේ දකුණු කොරියාවේ පිහිටි මව් සමාගමට අයත් සමාගම් 68 ක් ලොව පුරා පවතින බව ගුවන් තොටුපොළේ දී අනාවරණය කළේය .
මෙම පොහොර තුළ බැර ලෝහ මෙන්ම අන්තරායක විෂ රසායන ද්‍රව්‍ය අඩංගු නොවන අතර , මිනිස් පරිභෝජනයට ඉතා හිතකර වීම විශේෂත්වයකි .
එසේම මෙම පොහොර මිළ ගනන් සාපේක්ෂ වශයෙන් , දැනට භාවිතා කරන 01 වන හෝ 02 වන පරම්පරාවේ පොහොර මිළ ගනන් වලට වඩා අඩු මට්ටමක පවතින අතර , ඒවා ගොවි බිම තුළට ඩ්‍රෝන තාක්ෂණය මගින් ඉසීම සිදු කළ හැකිය . එමගින් වැඩි අස්වනු ප්‍රමාණයක් නෙළා ගැනීම සදහා අඩු පොහොර ප්‍රමාණයක් යෙදීම ද විශේෂත්වයකි .
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මෙරට ගොවිතැන නංවන්න දකුණු කොරියාවෙන් එයි
pj Tuesday, 17 December 2024 07:46 AM
කුඩා බිම් ප්‍රමාණයකට ඩ්‍රෝනත් අවශ්‍යද...? නොකියා කියන්නේ මහා පරිමාණ ඉඩම් වගා ගැන නේද...?
Madawa Tuesday, 17 December 2024 10:34 AM
නියමයි, මෙන්න වැඩ. මේ වැඩේ ඉක්මනින්ම සාර්ථක වේවා.
රුවන් Wednesday, 18 December 2024 12:54 PM
හෙක්ටයාරකට හාල් නිෂ්පාදනය වැඩිම චීනයේ, දකුණු කොරියාවේ. ඒ අයගේ තාක්ෂණය ඉතා දියණුයි, ජල පරිභෝජනයත් ඉතා අඩුයි. ලංකාවේ මේ අයගේ උපදෙස් හරියට ගත්තා නම් අපිට හාල් රට යවන්නත් පුළුවන්.