(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට තමා නිවෙසක්දී නැතැයිද වරප්‍රසාදවලට මුවාවී මෙවැනි තුට්ටු දෙකේ ප්‍රකාශ නොකරන්නැයි ඒ ප්‍රකාශය කළ රාසමාණික්කම් මන්ත්‍රීවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයිද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.
"මට ගෙවල් දෙන්න පුලුවන්ද. එක එක අයට ගෙවල් දෙන්න මම කවුද" යනුවෙන්ද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමිනි .
ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා මෙසේද සඳහන් කළේය.
විදේශ බෙදුම්වාදයේ කුලී හේවායෙක් ඉන්නවා මේ පාර්ලිමේන්තුවේ. රාසමාණික්කම් කියලා. එතුමා මේ රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න හරි අකමැතියි. එයාට හැමදාම ඕන මේකෙ එල්ලිලා දේශපාලනය කරන්න. කවුරුහරි මේ ප්‍රශ්නේ විසඳන්න උත්සාහ කරනවා නම් ඒකට සම්පූර්ණයෙන්ම විරුද්ධ වෙනවා. අපි වැඩක් කරනකොට ඒකට බාධා කරනවා. එතුමා කුලී හේවායෙක්. බෙදුම්වාදය වෙනුවෙන් කහිනවා. ඊයේත් කැස්සා.
ගෝඨාභයට මම ගෙයක් දුන්නා කියල ඔහු ඊයේ මෙතන කියලා තියෙනවා. මට ගෙවල් දෙන්න පුලුවන්ද. මම කවුද ගෙවල් දෙන්න. මම රස්සාවක් විදියට දේශපාලනය තෝරගෙන ආපු මිනිහෙක් නොවෙයි. මම ජීවත් වෙන්නේ ටැක්ස් ගෙවලා හම්බකරපු සල්ලි වලින් හදපු ගේක. මම කවදාවත් රජයෙන් ගෙවල් වල ජීවත් වෙලා නැහැ. පිටරටින් එන නිලධාරීන්ට ආගන්තුක සත්කාරය කරන්න මහාචාර්ය ජී එල් පීරිස් මහත්තයා හිටපු නිවසෙ විතරක් ඉඳලා තියෙනවා. පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවෙලා මේ වගේ තුට්ටු දෙකේ කතා කියන්න එපා. හැම මිනිහෙකුටම ගෞරවයක් තියෙනවා. මම හිටපු නිවසක් කාටවත් දීලා නැහැ.
2025 දෙසැම්බර් මස 04
77
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
355
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
367
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මම ගෝඨාට ගෙයක් දුන්නේ නෑ
Surathalaa Thursday, 08 June 2023 01:14 PM
100% සත්‍යයි.
සෙනෙවිරත්න Thursday, 08 June 2023 04:40 PM
ඒක තමයි, ගොඩ දාපු නඩු කන්දරාවෙ හැටියට ඔබ තුමාට එපායැ ගෙයක් ලැබෙන්න.එතුමගෙන්.
Bamunuarachchi Friday, 09 June 2023 07:37 PM
සම්බන්ධන්ට ගෙවල් දෙනකොට මෙයා මීක් කිව්වේ නැහැ. ගෙවල් දෙන නොදෙන එක මගේ වැඩක්... ඔයාට තියෙන අමාරුව මොකක්ද කියලා අහන්න...!