IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මොබිටෙල් නව ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් අරඹයි

 

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන  SLT-MOBITEL, වැලිකඩ ප්‍රදේශයේ ඉදිකරන නවතම Mobitel ප්‍රධාන කාර්යාලයට ඔක්තෝබර් 21 දා මුල්ගල තැබී ය. නවීනතම තාක්ෂණයෙන් සමන්විතව ඉදිවන මෙම ගොඩනැගිල්ල SLT-MOBITELහි ප්‍රථම ‘හරිත ගොඩනැගිල්ල’  බවට පත්වනු ඇතැයි එම සමාගම කියයි.

මෙම ගොඩනැගිල්ල නිම කිරීමෙන් පසු නගරයේ විසිරී ඇති සියලු‍ මොබිටෙල් මෙහෙයුම් කාර්යාල එකම වහලක් යටතට ගෙන එනු ලබන අතර එමඟින් සැලකිය යුතු මුල්‍යමය ප්‍රතිලාභ හිමි වනු ඇත. තවද, ගොඩනැගිල්ලේ එක් මහලක් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු  සඳහා මෙන්ම  තාක්‍ෂණික නවෝත්පාදන උදෙසා වෙන් කරනු ලබයි.

මෙම මුල්ගල තැබීමේ අවස්ථාවට SLT  සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු, එහි සමූහ ප්‍රධාන විධායක නිලධාරී ලලිත් සෙනෙවිරත්න, SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති පෙරේරා, Mobitel ප්‍රධාන විධායක නිලධාරී චන්දික විතාරණ, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ප්‍රියන්ත ෆර්නෑන්ඩස්ල SLT  ප්‍රධාන පරිපාලන නිලධාරී සමන් අබේසේකර සහ Mobitel ප්‍රධාන අලෙවි නිලධාරී ශෂික සෙනරත් යන මහත්වරුන් ඇතුළුව SLT- MOBITEL ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සාමාජිකයන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක් වූහ.



අදහස් (0)

මොබිටෙල් නව ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site