
(රෝෂන් තුෂාර)
සෞඛ්‍ය ආරක්ෂිතව ආහාර අලෙවි නොකළේ යැයි කියන චෝදනාවට වරද පිළිගත් පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ හොටෙල් හිමිකරුවන් පස් දෙනෙකුට රුපියල් 25000 බැගින් දඩ නියම කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න මහත්මිය අද(11) නියෝග කළාය.
පෑලියගොඩ මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයේ නිලධාරීන් කළ සෝදිසි මෙහෙයුමකින් පසු වූ හෝටල් හිමියන් පස්දෙනාට එරෙහිව නඩු පවරා තිබූ අතර අදාල චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් මෙසේ දඩ නියම කෙරිණි.
නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය නොකරමින් ආහාර ගබඩා කිරීම , ප්‍රදර්ශනය කිරීම හා අලෙවිය යන චෝදනාවන් හෝටල් හිමීකරුවන්ට ඉදිරිපත් කර තිබිණි.
පෑලියගොඩ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක වයි.වි.එල්. ද සිල්වා, මහජන පරීක්ෂක ඩි.පි.එස් චින්තක පතිරණ යන නිලධාරීන් විසින් පෑලියගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් වන ජයන්ත රත්නායක යන අයගේ මෙහෙයවීම යටතේ පසුගිය 05 දින කළ වැටලීම ක් අනුව අදාල හෝටල් හිමිකරුවන්ට චෝදනා ගොනුකර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 25000, දඩයක්ද? සීයා කියනවා ඕක හීනෙන් ගියාදෝ වටයක් තරම් වත් වැදගත් නැහැලු... දඩ කාපු අය ඔය ගණන දවසෙන් හොයා ගනීවි. දඩ මුදල් වැඩි කරන්න ඕනෑ.