
(ගයාන් සූරියආරච්චි)
කම්කරු හා විදේශ රැකියා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අනුමැතියකින් තොරව ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ඔස්සේ පුද්ගලයන් පිරිසක් දකුණු කොරියාවට යැවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (21) හිටපු අමාත්‍යවරයාගෙන් පැය 6 කට අධික කාලයක් ප්‍රකාශයක් සටහන්කර ගත්තේය.
හිටපු අමාත්‍යවරයා අද (21) පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර සවස 3.15 ට පමණ ඉන් පිටව ගිය බව උසස් නිලධාරියෙක් පැවැසීය.
හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ අනුදැනුම මත ඊ 8 නැමැති වීසා ක්‍රමයක් ආරම්භ කර ඒ ඔස්සේ පුද්ගලයන් පිරිසක් දකුණු කොරියාවේ රැකියා සදහා යැවීමෙන් අනතුරුව එම පුද්ගලයන් එරටින් නැවත මෙරටට එවා තිබුණු බව පොලිසිය පවසයි.
මෙතෙක් කල් භාවිත නොකළ වීසා ක්‍රමයක් මගින් දකුණු කොරියාවේ පෞද්ගලික ආයතන සමග අමාත්‍යවරයා සම්බන්ධතා පවත්වා ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති ඒ සම්බන්ධතා ඔස්සේ වංචාවක් සිදුවී ඇත්ද යන්න පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදුකරයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාර නියෝජ්‍ය පොලිස්පති පී. අම්පාවිල මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන සිදුකෙරේ.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මනූෂගෙන් පැය 06ක ප්‍රකාශයක්