
(නිමල් ජයරත්න)
පොළොන්නරුව මනම්පිටිය රෝහල පාරේ පිහිටි දේවස්ථානයකට 18 වැනිදා රාත්‍රී වෙඩි ප්‍රහාරයට සම්බන්ධව මනම්පිටිය දමිළ ගම්මානයේ පදිංචි හතලිස් වියති පුද්ගලයකු බෙහෙත් කොටන නීති විරෝධී තුවක්කුවක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
මෙම එම වෙඩි ප්‍රහාරයෙන් කිසිවකුට හානි සිදුව නොමැති බවත්, සිද්ධියෙන් දේවස්ථානය ආවරණය කර තිබූ වීදුරුවලට පමණක් හානි සිදුව ඇති බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය සඳහන් කරයි.
මෙම වෙඩි ප්‍රහාරයට හේතුව දේවස්ථානයේ පාස්ටර්වරයා සමඟ තිබූ පෞද්ගලික ආරවුලක් බව සැකකරු විසින් යුද හමුදා බුද්ධි අංශයට පාපොච්චාරණය සිදුකර ඇති බවත්, වෙඩි තබන අවස්ථාවේදී පාස්ටර්වරයා එම දේවස්ථානයේ නොසිට ඇති අතර එදින දේව මෙහෙය කටයුතු සිදුකර ඇත්තේ පාස්ටර්වරයාගේ බිරිඳ විසින් බවද පොලිසිය කියයි.ෙ


2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2392
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මනම්පිටිය දේවස්ථාන වෙඩිල්ලේ තොරතුරු එළියට
Jankak, Galle Saturday, 19 April 2025 07:33 AM
ඉස්සර වගේ මේ වගේ දෙයක් වුණාම වවාගෙන කන්නෑ දැන්. හේතු හොයලා අත්අඩංගුවට ගන්නවා. ජාතිවාදීන්ට බලේ නැති එක රටට හොඳයි.
බකල ජයා Saturday, 19 April 2025 11:12 AM
දොස්තර නැතිවෙලේට බේත් දෙන්නේ දොස්තරගේ භාර්යාව. රජයේ දේව නිලධාරීන්ගේ සංගමයේ ලියාපදිංචි වෙලා තියෙන හින්දා හොඳයි.