IMG-LOGO

2025 ඔක්තෝබර් මස 26 වන ඉරිදා


මන්ත්‍රී වාහන සිහිනය ජනපති සුරතට

(සුජිත් හේවාජුලිගේ)

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පසුගිය සතියේදී බාරදී ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී කතානායකවරයා පැවසුවේ ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි.

තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වූහ.

කෙසේ වෙතත් රටේ දැවැන්ත ආර්ථික අර්බුදයක් පවතින මේ මොහොතේදී මන්ත්‍රීවරුන් වාහන බලපත්‍රය ලබාගැනීමට සමගි ජන බලවේගය පක්ෂය ප්‍රතිපත්තියක් හැටියට විරුද්ධ බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

මෙම වාහන බලපත්‍රය පිළිබඳ කාරණය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කෙරුණු අවස්ථාවේදී ඒ පිළිබඳ විරෝධය පළ කළ බවද ඔහු සඳහන් කළේය.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිවිය.

 



අදහස් (11)

මන්ත්‍රී වාහන සිහිනය ජනපති සුරතට

Indhika Tuesday, 11 June 2024 05:51 AM

නොදකින් කාලකන්ණි. හොරා කාලා කාලා අන්තිම වෙලාවෙත් තවත් රටෙන් උලා කන්න බලන්නේ.

:       0       36

Dinesh Tuesday, 11 June 2024 06:56 AM

පක්ෂයේ මතයට එකඟ නැති මන්ත්‍රීවරු පක්ෂයෙන් නෙරපන්න

:       0       27

siri Tuesday, 11 June 2024 07:24 AM

රටට ඕනෑම දෙයක් උනාට කමක් නැහැ .තමන්ගේ බඩ වඩාගන්න නම් කියන 116 මේවගේ අය පාර්ලිමේන්තු නැවත එවිය යුතුද

:       0       29

වීර Tuesday, 11 June 2024 07:51 AM

වස් රචනාව.. ඔය ගන්න වාහන යා දෙන්නේ නැ.. විකුණුවත් සාප වෙනවා... කොච්චර පරිස්සම් උනත් සොබාදහම පුත්තලම් බූරුවන්ට කරපු දේ ඔය ගන්න ගන්න වාහනේට විකුණුවත් විකුණපු උන්ට ගන්න උන්ට ඔක්කොටම වදිනවා.. අනුමැතිය දුන්නොත් උන්ටත් සොබාදහම දඩුවම් කරනවා. දුප්පතාගෙ බත් පතින්, බේත් වලින්, මරණයෙන් හොරා කාලා මේ සෙල්ලං කරන සල්ලි යා දෙන්නේ නෑ . පවුල් පිටිං වැනසෙනවා ....

:       0       26

FMG Fernando Tuesday, 11 June 2024 07:53 AM

මෙම තීරණාත්මක තත්ත්වය තුළ එය ප්‍රමුඛතාවලින් එකක්ද? මේ වගේ යක්කු අපිට ඕනද? එම අනවශ්‍ය චරිත හැකි ඉක්මනින් පන්නා දැමීමට දැඩි තීරණයක් ගත යුතු කාලය එළඹ ඇත. වෙනසක් නැත අනාගතයක් නැත!

:       0       21

CC Tuesday, 11 June 2024 09:11 AM

මේ රටේ වංක දූෂිත දේශපාලන සංස්සෘතිය අවසන්වීමේ පෙර ලකුණු පහළ වෙමින් ඇත. ඉදිරියේ දී මේ රටේ සාරය උරා බොමින් තමන්ට රිසි සේ රගමින් රටේ දියුණුව ,සංවධිත රාජ්‍යක් කරා ගෙනයාමේ සැලසුම් වෙනුවට ජනයාට මොනවා හරි අල්ලසක් දෙමින් බලයට පැමිණිමටත් ගත් බලය රැක ගැනීමෙටත් හුරුව ඇති මජර දේශපාලන සංසකෘතියේ පිල්ලි වු මහජන මන්තිරිලාට නොලැබෙන වරප්‍රසාදයක් නොමැති තරම්ය.අති දියුනු රාජ්‍යයක මැති ඇමතිවර් විදින සැප එලෙසම ඔවුන් ලබාගත්තත් ජනයාට වෙන දෙයක් නැත ඔවුන් සදහටම වහලුන් ලෙස දිවි ගෙවන අතර සුළුතරය වන මන්තිරිලා ඇමතිලා වංක නිලධාරීන් ,වයාපාරිකයන්,හෙන්චයියො ඥාතීන් මේ සැප විදින පංතියට අයත්වී ඇත අද වන විට බහුතර ජනයා මේ දේශපාලුවන් මාරුවෙන් මාරුවට රටටත් ජනතාවටත් කල කොඩිවිනය තේරුම් ගනිමින් ඇත.එබැවින් නුදුරේදීම මේ වරප්‍රසාද අවසන්වන හෙයින් දෙපැත්තේම ඉන්න හොරු වංචාකාරයන්ට අන්තිම මොහොතේ හරි රටට මොකක් වුනත් උන්ගේ වරප්‍රසාදය ලබා ගැනීමට උත්සුක වනු ඇත.

:       0       16

රංබොඩ Tuesday, 11 June 2024 09:34 AM

ඔන්න දැන් ජනාධිපතිවරණයට සහයෝගය දෙන එක එකා ගානෙ බලපත්‍ර ලබා ගන්නවා. මේක තමයි ඔය අපේ රටේ දේශපාලනය

:       1       20

Mok Laadaya Tuesday, 11 June 2024 10:41 AM

අපි පුල පුලා බලා ඉන්නේ මේ උත්තමයින් 116 දෙනාට නැවතවරක් චන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත් කර යවන්න

:       0       5

Suranga Tuesday, 11 June 2024 12:22 PM

තවත් මාස කීපයකින් ජනාධිපතිවරණය පැවැත්වෙනවා ඊළඟට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා ඔය සියලු දෙනාටම නැවතත් පාර්ලිමේන්තුවේ අසුන් ගන්න ලැබෙන්නේ නැහැ අලුතින් පැමිණෙන 225 ට නැනැවතත් වාහන බලපත්‍ර දෙන්න වෙනවා රටේ උතුරන්න විදේශ විනිමය තියෙනවා නම් ඒවාට කරන්න කිසිම දෙයක් නැත්නම් වාහන බලපත්‍ර දුන්නට වවරදක් නැහැ. එනිසා ඊළඟ මහා මැතිවරණය අවසන් වෙනතුරුම කිසිම කෙනෙකුට වාහන බලපත්‍ර නොදිය යුතුය ඉල්ලීම කළ 116 දෙනාගේ නම් ප්‍රශිද්ධ කරන්න කියලා ඉල්ලනවා ඔක්කොම බැරිනම් මාලිමා කට්ටිය හා සජබ කට්ටිය ගැන තොරතුරු දෙන්න එහෙම අනවශ්‍ය වියදම් කලොත් වීර කියපුදේ සිදුවේවි

:       0       7

Lalla Tuesday, 11 June 2024 12:53 PM

රට ගිය මිනිස්සු එවන විදේශ විනිමය සොච්චම මන්ත්‍රීලට විනාශකර දාන්න පුලුවන්ද? මොන අපරාධයක්ද?

:       0       8

සෙනෙවිරත්න Tuesday, 11 June 2024 03:00 PM

මුරංග, මාලිමා අය නම් ඔතන නැහැ කියල සහතික වෙන්නම්.සජිත්ගෙ ළමයි තමයි වැට කඩන්නෙ මත්පැන් බලපත්‍ර ,එහෙම අරගෙන

:       3       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1471 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1316 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site