IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


මන්ත්‍රී තොරතුරු මැතිසබා වෙබ් අඩවියෙන් ගැලවේ

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක  පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන්  හදිසියේම  ඉවත් කරනු ලැබ ඇත.

මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේ තොරතුරු තාක්ෂණ අංශයේ නිලධාරියකුගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම අනුව  එම විස්තර මෙසේ ඉවත් කෙරුණු බවයි.

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

මේ අතර  පාර්ලිමේන්තු වෙබ් අඩවියේ සටහන්වී තිබූ මන්ත්‍රීවරුන්ගේ දුරකතන අංකවලට පසුගිය කාලයේදී විවිධ පුද්ගලයන් විසින්  දුරකතන ඇමතුම් ලබාදී  ඔවුන් අපහසුතාවයට ලක්වන ආකාරයෙන් කටයුතු  කරන ලදැයි කියන  සිද්ධීන් ගණනාවක් පිළිබඳවද  තොරතුරු ලැබී ඇතැයි  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසෙයි.

එසේම මහජන ප්‍රසිද්ධියට පත් කෙරෙන  වෙනත් ලියකියවිලිවලද මන්ත්‍රීවරුන්ගේ ලිපින සහ දුරකතන අංක  ඇතුළත් කිරීම තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වේ.



අදහස් (4)

මන්ත්‍රී තොරතුරු මැතිසබා වෙබ් අඩවියෙන් ගැලවේ

oshara Thursday, 30 June 2022 12:02 PM

කෑම අතළඟ බව දන්න හින්දා...

:       1       25

sam Thursday, 30 June 2022 12:12 PM

හොරුන්, කප්පම්කාරයන්, පාතාලයින්, කුඩ්ඩන් වගේම ඔවුන්ට මොන ආරක්ෂාවද?

:       1       20

දාස Thursday, 30 June 2022 03:11 PM

ගිය සැරේ නම් ගෙදර විතරයි, මේ සැරේ නම් පණ කෙන්දටත් මොන සංගෙඩියක් වෙයිද දන්නේ නැහැ..

:       1       16

Bunny Preena Friday, 01 July 2022 08:45 AM

දියවන්නාවේ ඉන්න ඔය මහලොකු ඔලුබක්කන් ඇතුළු හොරු 225 දෙනාගේ ආරක්ෂාව කොහොම වුණත් අපේ රටේ සහ දරුවන්ගේ යහපත උදෙසා ඔය 225 දෙනාවම ගහලා පන්නන්න ඕනෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 31 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 937 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site