
(සුජිත් හේවාජුලිගේ )
මන්ත්‍රීවරුන් තම පවුල්වල සාමාජිකයන්ටත් රක්ෂණ ආවරණය ලබාදෙන ලෙස පසුගිය (10) වැනිදා සිකුරාදා පැවැති පාර්ලිමේන්තු ගෘහ කාරක සභා රැස්වීමේදී දැඩිව ඉල්ලීම් කර ඇත.
එහිදී අදහස් දක්වා ඇති බොහෝ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ තමන් පළාත් සභාවල සිටින කාලයේදී පවා පවුල්වල සාමාජිකයන්ට රක්ෂණ ආවරණය ලබාදුන් බවයි.
එසේ හෙයින් තම පවුල් වල සාමාජිකයන්ට රක්ෂණ වාරිකය නොපමාව ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන්නැයි එම මන්ත්‍රීවරුන් මෙහිදී ඉල්ලා ඈත.
මෙහිදී අදහස් දක්වා ඇති කතානායකවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ මුදල් ප්‍රතිපාදන හිඟය හේතුවෙන් එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම මේ අවස්ථාවේදී දුෂ්කර බවයි.
ඒ අනුව එම කාරණය ඉදිරියේදී යළි සාකච්ඡා කිරීමටද එහිදී තීරණය කර ඇත.
සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකුට හිමිවන රක්ෂනාවරණයේ වටිනාකම රුපියල් ලක්ෂ දහයකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට එන්න එන්නම අගාධයකට යනවා නම් ජනතා මුදල් යොදාගෙන මොවුන්ට රක්ෂණ රැකවරණය දෙන්නෙ මොකටද මේවාට විරුද්ධව ජනතාව පෙලගැසිය යුතුය
මෙම මන්ත්‍රීලා පාර්ලිමේන්තු එන්නේ තමන්ට තම පවුලට තමන්ට ආධාර උපකාර කල අයට පමණක් සියලු වරප්‍රසාද වරදාන හිමිකම් ලබා ගැනීමේ පටු අරමුණු ඇතිව බව ජනතාවට හොදින් අවබෝධ වෙමින් ඇත.මොවුන් රට දියුණු කිරීම පසෙකලා තම ලාමක අරමුණු වෙනුවෙන් කටයුතු කිරීම නිසා අද සම්පත් බහුල මේ රටට මේ විපත අත්වී ඇති බව හොදින් පැහැදිලිවේ. පළාත් සභාවෙන් පාරක් .ගොඩනැගිල්ලක් හැදුවොත් එය අන්තිම බාල ප්‍රමිතියක් තමයි තියෙන්නෙ ඒවා හරි හැටි නියාමනයක් වන්නේ නැහැ හැමතැනම වංචාව දූෂණය හොරකම ඉහවහ ගිහින් මේ වංචාකාරී දේශපාලන සංසකෘතිය වෙනස් කරන තුරු මේ රටට ගැලවීමක් නැත.
ආණ්ඩුව සහා බලු රාජපක්ෂවරුන් මුදල් දීලා වල් වහල් බයියන් පිරිසක් සුදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත . මෙයින් ඔවුන් කරන්නේ රජයට සහා රාජපක්ෂ කල්ලියට විරුද්ද කොමෙන්ට් සහා පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහා රාජපක්ෂ කල්ලියට සහායෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහා GROUP භාවිතා කරමින්ද රජයට සහා රාජපක්ෂ කල්ලියට සහයෝගය කරන මෙන් ප්‍රචාරය සිදු කරයි .මෙහිදී ඔවුන් විශේෂයෙන් ජාතිවාදය සහා රට සුළු ජාතින් නිසා විනාශ වන බව පෙන්වා දෙයි . පොදු ජනතාව අවදානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු . මෙය පිළිබදව ඔබගේ පවුලේ උදවිය සහා මිතුරන් දැනුවත් කරන්න . (Share)
මෙයාලා කොහොමත් එන්නේ තමන්ගේ පවුල හදන්නනේ .ඒ නිසා පවුලටම රක්ෂණ ආවරණයක් දෙන්න ඕනනේ
කොහොමහරි පාර්ලිමේන්තුවේ ඉන්න ගමන් ඕවා කරගන්න.
රක්ෂණයක් වෙන එක හොඳයි.
එකම විකල්පය NPP