IMG-LOGO

‘‘මාධ්‍යයට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම හෙළා දකිනවා‘‘

(නිමල කොඩිතුවක්කු)

සිරස මාධ්‍යවේදී කණ්ඩායමකට එල්ල වූ ප්‍රහාරය හා අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවසට ගිනි තැබීම තරයේ හෙලා දකින  බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා පවසයි.

මෙම සිදුවීම් දෙකම ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක්වන බරපතළ හා තිරශ්චීන ක්‍රියාවන් බැවින් ඒවාට අදාල වගකිවයුත්තන්ට තරාතිරම නොබලා නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතු බවත් ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ  සභාපති හිටපු කථානායක කරු ජයසූරිය මහතා නිකුත් කළ නිවේදනයේ  තවදුරටත් මෙසේද සඳහන් වේ.

"ප්‍රජාතන්ත්‍රවාදය හා ජනතාවගේ නිදහස උදෙසා රටේ ජනතාව මැදිහත්ව සිදුකරමින් සිටි දැවැන්ත අරගලය අතරතුර අසන්නට ලැබුන ම්ලේච්ඡ සිදුවීම් දෙකක් පිළිබඳව අප අතිශයින්ම කම්පාවට පත්වීමු.

එකී සිදුවීම් දෙක වන්නේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් සිය කාර්‍යභාරය ඉටුකරමින් සිටි සිරස මාධ්‍ය ආයතනයේ මාධ්‍යවේදිනියක ද ඇතුළු මාධ්‍ය කණ්ඩායමකට පොලිස් විශේෂ කාර්ය බලකායට අයත් නිළධාරීන් පිරිසක්  විසින් සිදුකර ඇති ප්‍රහාරය සහ අග්‍රාමාත්‍යවරයාගේ පුද්ගලික නිවසට කිසියම් පිරිසක් විසින් ගිණි තබා විනාශ කිරීමයි.

මෙම සිදුවීම් දෙකම ශිෂ්ට සමාජයේ පිළිකුලට ලක්වන බරපතළ හා තිරශ්චීන ක්‍රියාවන්ය. එම සිදුවීම් දෙකම අප තරයේම හෙලාදකින්නෙමු. එමෙන්ම ඒවාට අදාල වගකිවයුත්තන්ට තරාතිරම නොබලා නීතිය හමුවේ දඩුවම් ලබාදිය යුතු බව අවධාරණය කරන්නෙමු. පොලිස් විශේෂ කාර්ය බලකායේ ප්‍රධානීන් විසින් වහාම ක්‍රියාත්මක වී අදාළ නිලධාරින්ට එරෙහිව විනය පියවර ගැනීම වැදගත් වේ.

අද වනවිට රටතුළ උද්ගතව ඇති දැවැන්ත දේශපාලන හා ආර්ථික  මෙන්ම සමාජ අර්බුදයට විසදුමක් සොයා යෑමේදී මහජනතාව ඒ පිළිබදව දැනුවත් කිරීම අතිශයින්ම වැදගත්ය. එහිදී මාධ්‍ය සතු කාර්යභාරය අති විශාලය. මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටින එම මාධ්‍යවේදී කණ්ඩායමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන අතර සිරස මාධ්‍ය ආයතනය ඇතුළු සමස්ත මාධ්‍ය සමාජයටම ඔවුන් ඉටුකරමින් සිටින කාර්‍යභාරය වෙනුවෙන් අපගේ ස්තුතිය පිරිනමන්නෙමු.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික නිවසට ගිනි තැබීමද අප තරයේම හෙලාදකින්නෙමු. ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය තුළ විසම්මුතියට ඉහළම ගරුත්වයක් තිබිය යුතුය. වෙනස් වූ දේශපාලන මතයක් දැරීමට ඇති අයිතිය පිළිනොගන්නා සමාජයකට යහපත් ඉදිරි පැවැත්මක් තිබිය නොහැකිය.රටේ අනාගත පරපුරේ නාමයෙන් හෝ ඉදිරියේදී මෙවැනි තත්වයන් ඇති නොවීමට සමාජයක් ලෙස අප වගබලාගත යුතුව තිබේ. ඒ සදහා රටේ සමස්ත සමාජයේම අවධානය යොමුවනු ඇතයි අප අපේක්ෂා කරන්නෙමු. මෙම සිදුවීම පසුපස සැඟවුණු බලවේග ඇත්දැයි සොයාබැලීමද වැදගත් වේ.

රට යථා තත්වයට පත්වනු දැකීම අපගේ ඒකායන පරමාර්ථයයි. මෙහිදී පාර්ලිමේන්තුවට මෙන්ම මුළු මහත් සමාජයටම ජාතික වගකීමක් ඇති බව ගෞරවයෙන් පෙන්වා දිය යුතුව ඇත.



අදහස් (2)

‘‘මාධ්‍යයට පහරදීම අගමැති නිවසට ගිනි තැබීම හෙළා දකිනවා‘‘

ganegoda Monday, 11 July 2022 05:16 PM

කන්න, බොන්න, අඳින්න නැතුව ‘‘දෙමව්පියන් දරුවන්ව ගඟට විසිකරලා ඔවුනුත් ඒ ගඟටම පැනලා සියදිවි නසාගැනීම් හෙළා දකින්නේ නැද්ද?

:       0       0

chandima Monday, 11 July 2022 07:05 PM

හොඳ වෙලාවට පෙන්ෂන් ගිහින් හිටියේ... නැතිනම් මීරිගම පැත්තෙත් ගෙවල් ගිනිගන්නවා බලන්න තිබුණා.

:       1       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 441 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 94 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 282 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site