(රංජිත් රාජපක්ෂ සහ ආර්.එෆ්.එම්.සුහෙල්)
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං සහ කඩින් කඩ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ප්‍රධාන මාර්ග කිහිපයකම ගස් කඩා වැටිම හේතුවෙන් ගමනා ගමනයට බාධා පැමිණ ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකාරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
නුවරඑලිය බදුල්ල ප්‍රධාන මාර්ගයේ නානුඔය මංසන්ධියේ විශාල සයිප්‍රස් ගසක් ප්‍රධාන මාර්ගයට කඩා වැටිම නිසා එම මාර්ගයේ ගමනා ගමන කටයුතු උදැසන පැයක පමණ කාලයක් සම්පුර්ණයෙන්ම ඇණහිට තිබුණි.
යුධ හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු සයිප්‍රස් ගසෙහි කොටසක් කපා ඉවත් කර රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.
මේ අතර හැටන් මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ මස්කෙලිය කුඩා මස්කෙලිය ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට විශාල යුකෙලෙප්ස්ටික් ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාධා එල්ල විය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මධ්‍යම කඳුකරයට දැඩි සුළං