ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි සහ විදේශ අමාත්‍ය ආචාර්ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මාර්තු මස ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා පැමිණීමට නියමිතව ඇතැයි විදෙශ් මාධ්‍ය වාර්තා කරයි.
”මේ වසරේ මාර්තු මාසයේදී ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දීය විදේශ අමාත්‍ය සුබ‍්‍රමනියම් ජයිශංකර් මහතා වෙත ආරාධනාවක් කළ බව” ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
2022 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බිම්ස්ටෙක් සමුළුව සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍යවරයා ශ‍්‍රී ලංකාවට පැමිණීම පිළිබඳ ශ‍්‍රී ලංකාව මහත් බලාපොරොත්තුවෙන් බලා සිටින බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
බිම්ස්ටෙක් සමුළුව මාර්තු 30 වෙනි දින ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව ඇත.බිම්ස්ටෙක් යන කෙටි නාමයෙන් හදුන්වන්නේ තාක්ෂණික සහ ආර්ථික අංශ ගණනාවක සහයෝගීතාවය ඇති කර ගැනීමට බෙංගාල බොක්කට මායිම්ව ඇති රාජ්‍යයන් මුලපිරීම සඳහා පැවැත්වෙන සමුළුවයි.
කෙසේ වෙතත් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය මගින් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි මහතා බිම්ස්ටෙක් සමුළුවට සහභාගී වෙන්නේ ද නැද්ද යන්න තහවුරු කර නොමැත.
(විමුක්ති එස් රුද්‍රිගු රිපබ්ලික්වර්ල්ඞ් ඇසුරෙන්)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මෝදි මාර්තුවේ ලංකාවට
Hafeel Wednesday, 09 February 2022 01:19 PM
ඔන්න අපේ දේශප්‍රේමී විමල් වීරවංශව අවුස්සනවා. එහෙම නම් දැන් අපිට රට පුරා කළු කොඩි බලන්න පුළුවන්...
fairoos Wednesday, 09 February 2022 01:30 PM
නියම ඩබල .නන්දසේන සහ මෝදි
Ruhunu Wednesday, 09 February 2022 01:58 PM
විකුණනවයි කියපු දේවල් බලන්න එනවා ඇති මගෙ හිතේ...
SUNIL MILANO Wednesday, 09 February 2022 02:12 PM
වැඩිහිටියන්ට, රාජ්‍ය නායකයන්ට ගරු කරන්න දන්නේ නැති ෆයිරූස් වැනි අය.. සමාජවාදය ගැන නන් දොඩවනවා. නූගත්කම...!