
(ජේ.කේ.එල්. චාමින්ද)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ලබාගන්නා ලද තොරතුරුවලට අනුව මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචිකර ඇති වාහන 257න් වාහන 176 භෞතික පැවැත්ම තහවුරුකරගැනිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
මේ අතුරින් වාහන 99ක් පිළිබද භෞතික පැවැත්ම ඇතුළු තොරතුරු කිසිවක් විගණනය වෙත ඉදිරිපත්කර නොතිබුණි. මුදල් අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති සියලු වාහන පිළිබද භෞතික පැවැත්ම හා අයිතිය තහවුරුකරගැනිමට කටයුතු කළයුතු බව විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ පිළිබද මුදල් අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ මෙම වාහන 176 සම්බන්දයෙන් තොරතුරු සොයාගැනිමට කටයුතු කරමින් පවතින බවය. මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුදල් අමාත්‍යංශයේ වාහන 176ක් අතුරුදන්
යෝගා Sunday, 23 February 2025 02:11 PM
පුළුවන් නම් මුදල් අමාත්‍යාංශයේ ලේකම්ව අත්අඩංගුවට ගන්න. ලොවෙත් බෑ.
Neel Sunday, 23 February 2025 03:51 PM
ජාතික ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකියි නේද..?
ranjith Monday, 24 February 2025 06:50 AM
"මේවා විහිළු කතා! රජයේ සේවකයෙකු විශ්‍රාම ගියත් , ස්ථාන මාරු වුණත්, ඔහුගේ ඉන්වෙන්ටරි බාරයේ තියෙන සුළු වටිනාකමක් තියෙන දෙයක් උනත්, හරිහැටි ආපසු බාරදෙන්න ඕනේ. එතකොට කෝ මේවා බාරව හිටපු මිනිස්සු. වහාම අදාල නිලධාරීන් අත් අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න.
Kopikade appuwa Monday, 24 February 2025 07:03 AM
මේ වාහන ඔක්කෝම රාජපක්ෂලාගේ ගෙදරට අරන් ගියා මගේ ඇස් දෙකටම දැක්කා. අම්මපා
fairoos Monday, 24 February 2025 11:45 AM
ඒක අමාත්‍යංශයට විතරක් මෙහෙම නම් කියලා වැඩක් නෑ... නිකන් නෙමෙයි අපේ රට බංකොලොත් වෙලා තියෙන්නේ නිසි දඬුවම් දුන්නේ නැතිනම් මේක ආපහු සැරයක් වෙන්න පුළුවන්