IMG-LOGO

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ’’සෝලා’’ නවතී

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වහලවල් මත සූර්ය පැනල සවිකිරීම බැංකු  ණය  ගැනීමට මුදල් අමාත්‍යාංශය  අනුමැතිය නොදීම නිසා  නැවතී ඇතැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

ගාමිණී වලේබොඩ  මහතා මෙසේද සඳහන් කළේය.

මේ දවස්වල තියෙන විදුලි  අර්බුදය නිසා ගොඩක් අය  වහලවල්මත  සූර්ය බලශක්ති පැනල සවි කිරීමට පෙලඹී සිටිනවා. ඔවුන් ඒවා කරන්නේ බැංකුවලින්  ණය ලබාගෙන. මේ ණය නිකුත් කරන්න මුදල් අමාත්‍යාංශයේ  අතිරේක අනුමැතියක් අවශ්‍යයි. මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොදීම නිසා බොහෝ දෙනෙකුට ඒ ණය ගන්න බැරුව සූර්ය පැනල සවිකිරීම නැවතිලා.මා මේ ගැන ජනාධිපතිතුමාගේ  අවධානයට යොමු කරනවා. මුදල් අමාත්‍යාංශය  ඒ අනුමැතිය ලබාදීමට  කටයුතු කරනවා නම් ජනතාවට ලොකු සහනයක් වෙනවා. ඔබතුමා ඒ ගැන බලන්න.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:

"මම ඒක බලශක්තිය ඇමතිතුමාටත් මුදල් රාජ්‍ය ඇමතිතුමාටත් විසඳන්න කියන්නම්. ඔබතුමාත් ඒකට එකතු වෙන්න.



අදහස් (1)

මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය නැතිව ’’සෝලා’’ නවතී

චමින්ද Thursday, 08 December 2022 08:30 PM

මිස්ටර් වලේ ජනාධිපතිවරයාට අවශ්‍ය සූර්ය පැනල සවිකරන්න නොවෙයි විදුලි බිල් වැඩිකරන්න සූර්ය පැනල සවිකලානම් නිෂ්පාදන වියදම් අඩුවෙනවා එතකොට කොහොමද බිල් වැඩිකරන්නෙ ඒක තමයි වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 71 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 985 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site