IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මැති - ඇමැතීන්ටත් ඉන්ධන රස්නේ දැනෙති

(සුජිත් හේවාජුලිගේ)

ඉන්ධන හිඟය නිසා ඇමැතිවරුන්ගේ නිල රාජකාරි කටයුතුද ( ගමන් බිමන්) බොහොමයක් අවලංගු කර ඇතැයි වාර්තා වේ.

වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගාල්ල වරායේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (25) නිරතවීමට නියමිතව සිටියද එම චාරිකාව ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් අවලංගු කළ බව ඒ අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසෙයි.

එසේම නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා පලාලි ගුවන්තොටුපොළ නිරීක්ෂණය කිරීම සඳහා යාපනය බලා පසුගියදා පිටව ගොස් තිබුණේ දුම්රියෙනි.

ඉන්ධන ප්‍රශ්නය නිසා සිය නිල රථය ඒ සඳහා සූදානම් නොකර දුම්රියෙන් යෑමට අවශ්‍ය කටයුතු යොදන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස්දී තිබූ අතර දුම්රිය ගමන සැලසුම් කෙරුණේ ඒ අනුවය.

එසේම ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් නිමල් සිරිපාල අමාත්‍යවරයා යාපනයේ සිට ත්‍රිකුණාමලය වරාය දක්වාත් එතැන් සිට කොළඹ දක්වාත් ගමන් කර ඇත්තේද කුඩා වෑන් රථයකිනි.

මේ අතර ඉන්ධන ප්‍රශ්නය හේතුවෙන් තවත් ඇමැතිවරුන් ගණනාවක් සිය නිල රථ වෙනුවට කුඩා වාහන මේ දිනවල පාවිච්චි කරන බව දැනගන්නට ඇත.

එසේම බොහෝ අමාත්‍යාංශවල වාහන පරිහරණයද සියයට 70 කින් පමණ අඩු කර ඇතැයි වාර්තාවේ.

 



අදහස් (9)

මැති - ඇමැතීන්ටත් ඉන්ධන රස්නේ දැනෙති

Asela Sunday, 26 June 2022 10:00 PM

අනේ මෙච්චර කල් රාජකාරි කරලා කරපු හරිය මදැයි. ගෙදරට වෙලා හොරාකාපු සල්ලිවලින් කාලාබීලා ඉන්න.

:       0       0

Ruhunu Sunday, 26 June 2022 10:52 PM

රට කෑවා...!

:       0       0

Perera Monday, 27 June 2022 12:48 AM

මැති ඇමැතිලාව, මිනිස්සු සම්බෝල කරන දවස වැඩිදරක නැහැ.

:       0       0

lamaya Monday, 27 June 2022 04:36 AM

මොවුන්ට මොන නිල කටයුතුද? ඔතැනට පැන්න දවසේ ඉඳලා බලන්නේ හොරකම් කරන්න, සැපගන්න, මාලිගා වගේ වාහනවල යන්න. ඔය වාහන ඇතුළේම පරලොව යන්න වන කාලේ ළඟදීම ඔය කට්ටියට දැනෙයි.

:       0       0

Ikram Monday, 27 June 2022 05:58 AM

අපි ට නම් ආරන්ච් බයට ජනතාව ට හොරෙන් යන්න පොඩි වාහන වල යන්නෙ කියලා

:       0       1

Lak_Karumaya Monday, 27 June 2022 10:02 AM

මුන්ගේ මොන රාජකාරි ද ? ඉන්ධන තිබ්බා කියලා වැඩක් කරපු එවුන්ද

:       0       10

දාස Monday, 27 June 2022 11:17 AM

රස්නෙ දැනෙයි වාහනේ ඇතුළටම දාලා ගිනි තිබ්බා නම්...!

:       0       3

fairoos Monday, 27 June 2022 01:15 PM

මේ කාලකන්නි ආන්ඩුව ඉන්නකම් රටට කිසිම සෙතක් නෑ.

:       0       0

ගමේ එකාලා Monday, 27 June 2022 01:49 PM

දූෂිත දේශපාලුවන් එකතුවෙලා රටම වලපල්ලට ඇදලා දැම්මා. හොර පාරෙන් නම් දේශපාලුවන්ට ඉන්ධන හම්බවෙනවා ඇති...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site