
(ඉන්දිකා රාමනායක)
මත්ද්‍රව්‍ය පානය කරමින් රාත්‍රී රාජකාරියේ යෙදී සිටී පාදුක්ක පොලීසියේ සැරයන්වරයකු වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය කියයි.
මෙම සැරයන්වරයා ඉකුත් වූ 30 දින රාත්‍රියේ මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රාජකාරිය නිරතව සිටියදී ලද තොරතුරකට අනුව හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීතුමිය හමුවට ඉදිරිපත් කර ඇත.
එහිදී සිදුකරන විමර්ශනවලදී නිලධාරියා විෂ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටින අයකු බවට අනාවරණය වී ඇත.
පොලිස් නිලධාරියකු වශයෙන් වැරදි පූර්වාදර්ශ ලබාදීම සහ සෙසු නිලධාරීන්ගේ විනය පවත්වාගෙන යාමට රාජ්‍ය සේවය අපකීර්තියට පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් ඊයේ (31) සිට වැඩ තහනමට ලක්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සති දෙකෙන් ආයෙත් සේවයට ගනියි. අපි නොදන්න ලංකාව