(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කලැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නැමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අල්ලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයකු ඇතුළු තිදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් සංජීව රත්නායක මහතා අද (09) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂාව පිළිබඳ හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු ලෙස පෙනී සිටි මාලබේ ප්‍රදේශයේ පදිංචි කාංචන එරික් සිංහාරගේ, නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ආර්. දුමින්ද සිල්වා මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයකු යැයි කියන දෙහිවල පදිංචි මීරා සයිබදු මොහොමඩ් මොහිදීන් සෆ්රාස් සහ ඔහුගේ බිරිඳ වන ශකිලා මුම්තාස් තායුබ් යන අයවලුන්ය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අද (09) අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
මෙම සැකකරුවන් දෙමටගොඩ රුවන් නමැත්තාගේ පුත්‍රයාගෙන් රුපියල් කෝටි එක හමාරක මුදල ලබාගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ට ලබා දීමට යැයි පවසමින් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.
මෙම සිද්ධියට අදාළව සම්බන්ධීකරණ කටයුතු කළ බවද සඳහන් වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව ද රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබේ.
අදාල අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවීම සඳහා දෙමටගොඩ රුවන් යන අය ගේ පුත්‍රයා සම්බන්ධ කර දී ඇත්තේ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා බව ද සැකකරුවන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තාකර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න පේනවනේ, බලය අයුතු ලෙස භාවිතා කරලා අපරාධකාරයන්ව නිදහස් කලාම සිදුවන දේ. දුමින්ද සිල්වා වැන්නන්ගෙන් ඔයිට වැඩිය තව මොනවද බලාපොරොත්තු වෙන්න පුළුවන්? සමාජ පිළිල..