IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කටයුතු මඬින්න ජපානයෙන් වාහන සහ උපකරණ

(ඩයනා උදයංගනී)

මත්ද්‍රව්‍ය සහ ත්‍රස්ත කටයුතු මැඩලීමට යොදාගතහැකි වාහන සහ උපකරණ තොගයක් ජපාන රජය මගින් ශ්‍රී ලංකාවට ප්‍රදානය කර ඇත.

ජපාන රජයෙන් මෙරටට ලබාදුන් ප්‍රදානයක දෙවන අදියර ලෙස මෙම උපකරණ හා වාහන ලබාදීම සිදුවූ අතර, එය සංකේතාත්මක වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජපාන තානාපති මිසුකොෂි හිඩෙයාකි මහතා අතින් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී ඊයේ (8) පෙරවරුවේ  සිදුකෙරිණි.

ලෑන්ඩ් කෘසර් වර්ගයේ වාහන 28ක්, ප්‍රාඩෝ රථයක්, පුපුරණ ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය සොයාගැනීම සඳහා ජංගම ස්කෑනර් ඒකකයක් ඇතුළු උපකරණ තොගයක් මෙම ප්‍රදානයට ඇතුළත් අතර එහි වටිනාකම රුපියල් මිලියන 700කි.

ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාත්, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙනුවෙන් රජයේ රස පරීක්ෂක ගෞරි රමනා මහත්මියත් මෙම වාහන සහ උපකරණ  භාර ගත්හ.

අමාත්‍ය සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවකට එක්ව සිටියහ.



අදහස් (1)

මත්ද්‍රව්‍ය-ත්‍රස්ත කටයුතු මඬින්න ජපානයෙන් වාහන සහ උපකරණ

fairoos Wednesday, 09 February 2022 07:47 PM

නිකන් හම්බවෙච්චි දේ බෙදන්නම් සර් ඉහළින්ම...!!! 

:       7       121

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 878 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site