(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මට්ටක්කුලිය සාවියා පටුමග ප්‍රදේශයේ දී ඉකුත් (28) දින මෝටර් රථයකින් පැමිණ පිරිසක් විසින් පුද්ගලයකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් සිව්දෙනකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එම සැකකරුවන් වැල්ලම්පිටිය සහ ගොතටුව යන ප්‍රදේශවල දී ඊයේ (13) පස්වරුවේ අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් තිබූ බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලම්පිටිය සහ බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුනේ සාවියා පටුමග, මට්ටක්කුලිය ලිපිනයේ පදිංචි මොහොමඩ් බදුර්දීන් මොහොමඩ් ෆර්හාන් නමැති ව්‍යාපාරිකයකු බව පොලීසිය පවසයි.
මෙම පුද්ගලයා ඝාතනය කිරීමට අනුබල ලබා දීම සම්බන්ධයෙන් එක් සැකකරුවකු මීට පෙර විශේෂ කාර්ය බළකාය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මට්ටක්කුලියේ අමානුෂික ඝාතනයට හතරක් සැකපිට