
ලස්සන හිනාව පුද්ගලයකුගේ ප්‍රසන්නතාවේ කැඩපතයි. හිනාව සුන්දර වීමට දත් නිරෝගිමත් විය යුතුයි. ආහාර කැබලිවලින්, මැලියම්වලින් නොබැඳුණු සුදු වන් දත් දෙපළක් දුර්ගන්ධයෙන් තොර මුඛය කියාපාන්නේ මුඛ සෞඛ්‍යය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වන බවයි.
දත් යනු ශක්තිමත්ව අස්ථියයි. අපි ජීවත්ව ඉන්නා කාලය පුරාවටම නිරෝගී දන්ත සෞඛ්‍යයක් පවත්වා ගත යුතුය. එහෙත් අපි නොහිතා කරන වැරැදි පුරුදු නිසා දත දෙපෙළෙහි සුන්දරත්වය, නිරෝගීතාව අපට අහිමි වී යයි.
දත් සුරැකීමට අප කළ යුතු දෑ
දිනකට දෙවරක් දත් මදින්න. සාමාන්‍යයෙන් උදෑසන සහ රාත්‍රී නින්දට පෙර දත් මැදීම සුදුසය.
අවම වශයෙන් විනාඩි දෙකක්වත් කාලය ඒ සඳහා වැය කරන්න.
දතත්, විදුරුමසත් අතර මැදට බුරුසුව අංශක 45 කෝණයට සිටින සේ තබා දෙතුන් වතාවක් දත පිරිමැද දතෙන් උඩු අතට වනසේ දත් මැදිය යුතුය. එවිට දත් අතර රැඳී ඇති ආහාර කැබලි දත්වලින් මතුපිටට ගත හැකියි. මෙයාකාරයට උඩු ඇන්දේ දත් ඇතුල් පැත්තපිට පැත්ත යටි ඇන්දේ දත්වලත් ඇතුල් සහ පිට පැතිත් මනාව මැද ගැනීමට පුළුවන.
නිසියාකාරයෙන් දත් මැද්දොත්
මැලියම් නොබැඳේ
මුඛ දුර්ගන්ධය ඉවත් වේ.
මුඛය පිරිසුදුව සේම නැවුම්වද තබා ගැනීමට පුළුවනි.
දත් ගැන සැලකිලිමත් විය යුතු අවස්ථා
දතක කුඩා කලු පැහැති පැල්ලම් හෝ දත නරක් වීමට ආසන්න බව අඟවන රතු එළි ගැන ඔබ කල්පනාකාරී විය යුතුයි. එවැනි ලක්ෂණ ඇත්නම් දන්ත වෛද්‍ය උපදෙස් නොපමාව ලබා ගන්න. දත්වල නිරෝගීතාව රැක ගැනීමට අප ගන්නා ආහාර ගැනත් බොහෝ සෙයින් සැලකිලිමත් විය යුතුය. පැණිරස ආහාරයක් ගත් විට මුඛය සේදීමට අමතක නොකරන්න. දත්වල ශක්තිමත්භාවයට නිරෝගීතාව දිගුකල් රැක ගැනීමට ගුණවත් ආහාර පාන සඳහා යොමු වන්න.
අප විසින් නොකළ යුතු දෑ
නිරතුරුව සීනි අඩංගු ආහාර ගැනීමත් ඒවා බොහෝ වේලාවක් මුඛය තුළ රඳවා ගෙන සිටීමත් යෝග්‍ය නැත.
ආහාර ගන්නා විට තදින් සැපීම සුදුසුම නැත. සමහරු මස් වර්ග අනුභවයේදී වැරදමා සැපීමෙන් දත්වලට අපි නොසිතන තරම් හානි සිදුවිය හැකියි.
ඒවගේම දිනකට වැඩි වාර ගණනක් දත් මදින්නත් එපා. දත වගේම එනමලයද අපි රැක ගත යුතුයි.
දත් නිරෝගී වීම, කාලාන්තරයක් යනතුරු ශක්තිමත්භාවය පවත්වා ගැනීම නිසා අපට කැමැති ඕනෑම ආහාරයක රස බැලීමට වයසද බල නොපායි.
-සටහන- මාධවී ධර්මරත්න
2025 දෙසැම්බර් මස 04
477
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
467
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මුඛ සෞඛ්‍යය නිවැරැදිව පවත්වා ගැනීමේ වැදගත්කම