IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


බෝ නොවන රෝග වලින් වැලකෙන්න ප්‍රසංග තියලා

(අංජුල මහික වීරරත්න)

පසුගිය රජයේ Smart Youth Night ප්‍රදර්ශන සහ සංගීත ප්‍රසංග මාලාවෙහි යෝජිත ප්‍රසංග 14න් ප්‍රසංග 2ක මූලික වියදම් සහ සංවිධාන කටයුතු සිදු කර ඇති නමුත්, ප්‍රසංග පවත්වා නොමැති බව විගණන විමසුමකදී හෙළි වී යැයි තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පැවසීය.

ඒ අනුව හැටන් සහ වැලිසර ප්‍රදේශවල ප්‍රසංග සඳහා මූලික වියදම් දරා ඇති නමුදු එම ප්‍රසංග පවත්වා නොමැති බවත්, එම ප්‍රසංග දෙකෙහි සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 295,292 ක් වියදම් කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

හැටන් ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 234,592 ක් සහ වැලිසර ප්‍රසංගයේ සංවිධාන කටයුතු වෙනුවෙන් රුපියල් 60,700 ක වියදමක් දරා ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය. දැඩි ආර්ථික අර්බුදයක් පැවති සමයක දී පසුගිය රජය Smart Youth Night ප්‍රදර්ශන සහ ප්‍රසංග මාලාව සඳහා මුදල් වියදම් කිරීම මතභේදාත්මක යැයි මෙම වසරේ ජනවාරි 6 වෙනිදා නිකුත් කරන ලද විගණන විමසුමකින් කරුණු ඉදිරිපත් කර ඇතැයි ද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ හෝමාගම දියගම ජාත්‍යන්තර ක්‍රීඩා සංකීර්ණයේ දී පැවති මාධ්‍ය හමුවකදීය. මෙම ‍ප්‍රදර්ශන හා ප්‍රසංග තරුණ සේවා සභාවේ විශේෂ ව්‍යාපෘති යෝජනාවක් ලෙස ඉදිරිපත් කර ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එනමුත් සංගීත ප්‍රසංග අප්‍රේල් මාසයේ දී ආරම්භ කර කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත්තේ ජූලි මාසයේදී බවත්, මෙම විශේෂ ව්‍යාපෘතිය පිළිබඳව තරුණ සේවා සභාවට දන්වා ඇත්තේ කැබිනට් අනුමැතිය හිමි වී සතියකින් පසුව බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා කරුණු අනාවරණය කළේය.

2030 වසර වන විට තරුණ තරුණියන්ගේ ශාරීරික හා මානසික සෞඛ්‍ය නගා සිටුවීමේ සහ බෝ නොවන රෝග වැළඳීම තුනෙන් එකකින් වළක්වා ගැනීම ඉලක්ක කර ගනිමින් smart youth night ප්‍රදර්ශන හා සංගීත ප්‍රසංග මාලාව පවත්වා ඇති නමුත් ඒවා සාධාරණ හේතු ලෙස පිළිගත නොහැකි බව විගණන විමසුමේ දක්වා තිබේ.

මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත්, මෙම වංචාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.

 



අදහස් (2)

බෝ නොවන රෝග වලින් වැලකෙන්න ප්‍රසංග තියලා

Pradeep Kumara Monday, 13 January 2025 08:35 AM

ඔය ඇතුළු මුදල් නාස්ති කරපු නොයෙකුත් ව්‍යාපෘති තියනවා, නව රජයෙන් ඒවා පෙන්වලා දෙනවා. නමුත් ඒ සඳහා ගත් ක්‍රියා මාර්ග ගැන තවම ප්‍රවෘත්තියක් නෑ. අමතක කරන්න එපා දැන් ඔබලා තමයි ආණ්ඩුවේ ඉන්නේ.

:       0       2

පොඩිඑකා Monday, 13 January 2025 09:32 AM

ලංකාවෙ තියෙන ලොකුම බෝ නොවන, ඉබේ වැලදෙන රෝග ටික තමා දූෂණය, වංචාව, නීතියට අවනත නොවීම.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 38 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 340 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site