IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


බුර්කාවක් ඇඟලා නගරයේ සැරි සැරූ සිසුවා අත්අඩංගුවට

(නිශාන්ත කුමාර)

බුර්කාවක් පැළද කාන්තාවක් ලෙසින් බණ්ඩාරවෙල නගරයේ වෙළද සංකීර්ණයක් අසල සැකකටයුතු අන්දමින් සැරිසරමින් සිටි   15 හැවිරිදි පාසැල් සිසුවෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලිසිය පවසයි.

අත් අඩංගුවට ගෙන ඇත්තේ බණ්ඩාරවෙල  ඇත්තලපිටිය, ප්‍රදේශයේ පදංචි බණ්ඩාරවෙල නගරයේ දමිළ විද්‍යාලයක අධයාපනය ලබන 15 හැවිරිදි පාසැල් සිසුවෙකි.

 මොහු    පාසැලේ නාට්‍ය හා රංග කලාව හදාරනු  ලබන අතර පාසල නියෝජනය කරමින් විවිධ භාරත නැටුම් සදහා පෙනි සිට ඇති සිසුවෙකු බවද  භාරත නාට්‍යවල තරුණියක ලෙස අවස්ථා කීපයක පෙනිසිට ඇති බවද විමර්ශනවලදී අණාවරණය වී ඇත.

 තම මව විසින් එවන ලද  මුදල් වලින් දැනට මසකට පමණ පෙර මෙම බුර්කාව මිලදී ගෙන ඇතැයිද සිසුවා පොලීසියට පවසා ඇත.

තමුන්ට බුර්කාවක්  පැළදීමට අසාවක් ඇතිතම  වී  සහෝදරිය උපකාරක පංති සදහා ගොස් සිටියදි ඇයගේ ඇදුම්  සෙරෙප්පු ,සහ ඇයගේ රූපලාවන්‍ය උපකරණ රැගෙන නගරයේ පාලු ස්ථානයකට ගොස් බුර්කාව පැළද  නගරයේ සැරිසරමින් සිටි බවද ඔහු පොලීසියට පවසා ඇත.

මොහුගේ  මව හා පියා විදේශ ගතව සිටින අතර  මෙම සිසුවා  සිය සහෝදරිය සමග සිය  ආච්චිගේ නිවසේ රැදි සිට ඇතැයිද පොලීසිය කියයි. 

 

 



අදහස් (3)

බුර්කාවක් ඇඟලා නගරයේ සැරි සැරූ සිසුවා අත්අඩංගුවට

පන්සිළු Wednesday, 10 December 2025 01:05 PM

දරුවා මනෝවෛද්‍ය වරයෙකුට යොමු කරාවි යැයි බලාපොරොත්තු වෙමි...

:       11       8

දයාන් Wednesday, 10 December 2025 02:00 PM

මේක ඉතාම සාමාන්‍ය දෙයක්.. දැන් පොලිසියෙන් මේ දරුවාගේ මනස උපරිම විනාශ කරාවි... අනික මේ රටේ ඕනෙම ආගමක් අදහන්න කැමැති ඇදුම් අදින්න තහනම් නැහැ... විරාජ් වගේ වහල්ලු මල් මල් ගවුම් ඇදගෙන මොනවැඩද දැම්මේ?.. මේ දරුවාට මොනම අන්දමක වත් දඩුවමක් දෙන්න අයිතියක් නැහැ...

:       0       12

ලුම්බිණි Wednesday, 10 December 2025 02:09 PM

විනෝදයට වෙන්න ඇති .

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 480 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 467 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 417 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site