IMG-LOGO

2025 ඔක්තෝබර් මස 23 වන බ්‍රහස්පතින්දා


බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත්

(විමුක්ති එස් රුද්‍රිගු)

බී.බී.සී නාලිකාවේ මෙම වසරේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතර ශ්‍රී ලංකාව තේරී පත්වෙමින් 9 වැනි ස්ථානය හිමිකර ගෙන ඇත. ලොව පුරා  සංචාරකයින්ට වසරේ පළමු මාර්ගෝපදේශය නිකුත් කරමින් බී.බී.සී නාලිකාව මෙම ශ්‍රේණිගත කිරීම ඉදිරිපත් කළේය

මෙම ස්ථාන 25 සංචාරකයින් සාදරයෙන් පිළිගන්නවා පමණක් නොව ඔවුන්ට අද්විතීය සංචාරක අත් දැකීමක් පිරිනමන බවද බී.බී.සී නාලිකාව පැවැසුවේය. එසේම මෙම ස්ථාන දේශීය ප්‍රජාවට සහාය වීමට, පරිසරය ආරක්ෂා කිරීමට හෝ ඔවුන්ගේ අද්විතීය සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමට සංචාරක කර්මාන්තය යොදා ගන්නා බවද බී.බී.සී නාලිකාව ප්‍රකාශ කළේය.

මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රථම ස්ථානය ඩොමිනිකාවටත්, දෙවැනි ස්ථානය ජපානයේ නාඕෂිමාවටත්, තෙවැනි ස්ථානය ඉතාලියේ ඩොලොමයිට්ස් කඳුකාරයටත් හිමිව ඇත. අවසන් ස්ථානය නෝර්වේ රාජ්‍යයේ ඔස්ලෝ අගනුවරටත් හිමිව තිබේ.



අදහස් (6)

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත්

පාඨකයෙක් Friday, 17 January 2025 05:37 PM

බී.බී.සී නාලිකාව වාර්තා කළ එම ලැයිස්තුවේ පළමුවන ස්ථානය දරණ ඩොමිනිකාවට සාපේක්ෂව අප රටේ ආකර්ෂණික අංශ බොහෝයි. එමෙන්ම ලොව ප්‍රධාන විනිමය ඒකකයන්ට සාපේක්ෂව අපගේ රුපියලේ අගය ඉතා අඩුයි. එබැවින් විදේශ සංචාරකයින්ට ශ්‍රී ලංකාව ඉතාමත් වාසිදායක ගමනාන්තයකි. නමුත්, ඉහළ වටිනාකමක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීමට අපගේ සංචාරක මණ්ඩලය කටයුතු කළ යුතුයි. එය කිරීමට නම්, අප රටට සුවිශේෂී මෙන්ම වැදගත් අංශ කවරේ දැයි අධ්‍යයනය කර, ඒවා අත්විඳීමට කැමැති සංචාරකයින්ට ඉහළ මුදලක් ගෙවා එම අවස්ථාව ලබා ගැනීමටත් ඒ තුළින් එම ස්ථාන, සම්පත් සහ ජීවන ක්‍රම සුරැකීමට දායකවීමටත් අවස්ථාව සලසා දිය හැකියි. ඩොමිනිකාවේ මුහුදු සීමාවෙහි ගැවෙසන තල්මසුන් විශේෂයක් සමඟ පිහිනීමට වරකට සංචාරකයින් කිහිප දෙනෙකුට සීමා කර, ආරම්භ කර ඇති එවැනි ක්‍රමයක් ඉතා ජනප්‍රිය වී ඇති බව බී.බී.සී වාර්තාවේ දැක්වේ. එමඟින් උපයන ආදායම වැඩිදුර පර්යේෂණ පැවැත්වීමටත්, පරිසර හිතකාමී සංචාරක කර්මාන්තයක් තුළින් රැකියා ජනනය කිරීමටත් යොදා ගැනේ...

:       0       36

pakeer Friday, 17 January 2025 07:53 PM

ලංකාව නම් හොඳයි... මිනිස්සු තමයි අජූත...

:       4       25

Samantha Saturday, 18 January 2025 06:37 AM

ලංකාව ආකර්ශනීය වීමට හේතුවක් හැටියට සලකන සංස්කෘතිය ගුරුවරුන් හරහා විනාශ කරන්න සිංහලයෙක් නොවෙන... ඒත් ශ්‍රී ලාංකිකයෙක් වන තට්ටයා කටයුතු කරමින් බෙරිහන් දෙනවා පේනවා. ඔහු ප්‍රවර්ධනයට කාන්තාවන් කොටසක් උත්සාහ කරනවා. එය සාර්ථක වුණොත් සංචාරක ආකර්ශනය නැතිවෙන්නත් පුළුවන්..

:       0       1

සාලිය Saturday, 18 January 2025 09:29 AM

වැසිකිළි බරක් ආවොත් කරන්න වෙන්නේ කැලේට ගිහින් හුඟාක් තැන්වල...

:       0       4

de silva Saturday, 18 January 2025 01:31 PM

ලංකාවේ හොඳ තත්වයේ මාර්ග තිබුණාට පොදු ප්‍රවාහනය අවුල්, සංචාරකයින්ට අවශ්‍ය පහසුකම් මදි, සංචාරක මරමස්ථානවල ප්‍රවේශපත්‍ර ගාස්තු ඉතා ඉහළයි. යල් පැනගිය සුරාබදු නීති රීති ඇතුළු වෙනත් නීති නිසා සංචාරක ව්‍යාපාරයේ යෙදෙන සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් විවිධ අසීරුතාවයන්ට මුහුණ දෙනවා. මේවාට සරල බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට පෙර පැවති රජයන් අසමත්වීම නිසා රජයට ලැබිය යුතු විශාල බදු සහ බලපත්‍ර ගාස්තු මුදල් සියල්ල යන්නේ, අල්ලස් ගන්න දූෂිත නිලධාරීන්ගේ සාක්කු වලට, මාලිමා රජය මේ ගැන සොයාබලා සරල බලපත්‍ර ක්‍රමයක් සහ සාධාරණ ප්‍රවේශ පත්‍ර ගාස්තු හඳුන්වා දීම ඉතා කාලෝචිතයි..

:       0       7

Pethum Saturday, 18 January 2025 02:12 PM

ලංකාවේ මිනිස්සු, සංචාරකයින් රවට්ටලා සූරගෙන කනවා. ලෝකයේ ඉන්න නරකම මිනිස්සු වර්ගයක් ලංකාවේ ඉන්නේ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1238 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1204 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 440 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site