IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට එරෙහිව එක්සත් රාජධානිය පැනවූ සම්බාධක පිළිබඳ රජයේ ස්ථාවරය අද (26) සවස දැනුම්දෙන බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් අදාළ ස්ථාවරය දැනුම්දෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.

යුද සමයේ  මානව හිමිකම් කඩකිරීම් පිළිබඳ චෝදනා එල්ල කරමින් මෙරට හිටපු හමුදා ප්‍රධානීන් තිදෙනකුට සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකුට සම්බාධක පනවන බව එක්සත් රාජධානිය  නිවේදනය කළේය.

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී විශ්‍රාමික ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ, හිටපු යුද හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය සහ කලක් කොටි සංවිධානයේ නැගෙනහිර නායකයාව සිටි හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් ට මෙලෙස සම්බාධක පනවන බව දැනුම් දී තිබිණි.



අදහස් (6)

බ්‍රිතාන්‍ය සම්බාධක ගැන රජයේ ස්ථාවරය අද

Kamal Wednesday, 26 March 2025 03:16 PM

නුඹලා මොනවා කියන්නද? හොඳ නැකතක් එනකල් හිටපල්ලා...

:       4       13

මැක්ස් Wednesday, 26 March 2025 03:33 PM

කොටි හිතවාදී මාලිමා සපෝටර්ලා සනසන්නත් ඕනා. කොටින්ටම කඩේ යන බටහිර රටවල් සතුටු කරන්නත් ඕන. ආණ්ඩුවේ උපදේශිකා ජුලි එක්කෙනාට කන් දෙන්නත් ඕන. මාලිමාව වටා ගොනු උණු ජාතික ආරක්ෂාව ගැන ටියුෂන් දෙන්න කතා කල බොරු රණවිරුවෝ සනසන්නත් ඕන. හපොයි මාලිමාවට වෙච්ච දෙයක්! එකම සැනසිල්ල තියෙන්නේ අරවින්ද මොනරේ, භද්‍රානි, රට පෙරට, ගමේ ඒකාල වැනි නොයෙක් නම්වලින් සමාජ මාධ්‍ය තුළ පහරන එහෙයියෝ ටික විතරයි. ආණ්ඩුව කරන ඕනෑම මෝඩ වැඩක් හේදීමනේ උන්දලාගේ කාරිය නිසා.

:       17       22

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 05:05 PM

යුද්ධය නිමා වීමෙන් පසුව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ශ්‍රී ලංකාවට පැමිණ අවස්ථාවේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වු බැංකී මුන් මහතාට පොරොන්දුවක් දුන්නා, ඒ ශ්‍රි ලංකාවේ සිදුවු බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් සොයා බලා යුක්තිය ඉටු කරන බවට. නමුත් ඒ පොරොන්දුව කිසි දවසක ඔහු ඉටු කෙරුවේ නැහැ. ඒ නිසා තමයි මේ යුධ අපරාධ චෝදනා දිගින් දිගටම එන්නේ. ඒක නොදන්න පොහොට්ටු ළදරුවෝ තමන්ගේ ළදරු වලිප්පු අමාරුව නිසා වර්තමාන ආණ්ඩුවට අභූත චෝදනා හා අපහාස කරන්න බොළඳ උත්සාහයක නිරත වෙනවා. කිසිවක් නොදන්නා කමට කරන අපහස හා චෝදනා වලට අනුකම්පා කරමු.

:       7       11

Ranfer Wednesday, 26 March 2025 03:44 PM

ආන්ඩුවේ පමාවෙන්ම පේනවා ඔවුන්ගෙ ආකල්පය මේ ගැන. දුකයි.

:       7       17

Sabeer Wednesday, 26 March 2025 04:06 PM

Ranfer and Max, මඩ නැතුව ඉන්නම බෑනේ.... ආණ්ඩුව රාජතාන්ත්‍රික ප්‍රතිචාර දක්වයි ...කලබල වන්න එපා.

:       15       11

නිර්පාක්ෂික Wednesday, 26 March 2025 04:08 PM

මැක්ස් කියන හාදයා මොලේ උඩ වෙන්ඩැ ඉන්නේ.කාටවත් කඩේ නොයා, හරිදේ හරි විදියට ත් වැරදි දේ වැරදි යයි පිළිගැනීමත් තමා විය යුත්තේ?

:       14       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 945 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1017 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 405 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site