
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව එක්සත් රාජධානියේ යටත් විජිතයක්ව පැවැති 1765 - 1900 කාලය අතරතුරදී ඇමෙරිකානු ඩොලර් බිලියන 64820 ක මුදලක් එක්සත් රාජධානිය ඉන්දියාවෙන් කොල්ල කා ඇතැයි ඔක්ස්ෆෑම් රාජ්‍ය නොවන සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ
ඉන් ඩොලර් බිලියන 33800 එක්සත් රාජධානියේ සිටින සියයට 10 ක්වූ ධනවත් පැළැන්තියට ගොස් ඇති බව ද එම සංවිධානය නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වේ.
ගෝලීය අසමානතා පිළිබඳව ඔක්ස්ෆෑම් සංවිධානය වාර්ෂිකව නිකුත්කරන මෙම වාර්තාව ලෝක ආර්ථික සංසදයේ පළමු රැස්වීම පවත්වනු ලබන දිනයේදී නිකුත් කරනු ලබයි.
ඔක්ස්ෆෑම් යනු අයුක්තිය සහ දුගීභාවය නැති කිරීම සඳහා අසමානතාව ලෝකයෙන් තුරන් කිරීමට සටන් කරන එක්සත් රාජධානිය පදනම්කර ගත් රාජ්‍ය නොවන සංවිධානයකි.
COMMENTS
ලංකාවෙන් කොච්චර අරන් ගිහින් ද
ලංකාවෙන් කොල්ලා කපුවා ගැන හොයලා නැද්ද
ඔහොම තමයි ඕකුන් දියුණු වුනේ. ලංකාවෙනුත් ගෙනියපු මැණික්, තේ, රබර් වල වටිනාකම කොච්චරක්ද? අන්තිමට තාමත් අපේ රටවල් වල ඉගෙන ගත්තු මිනිස්සු ටිකත් නිකන්ම රට පටවනව. අපේ රටේ දේශීය දැනුම් පද්ධති විනාශ කරලා, ඇල වේලි, ගොවිතැන් හරක බාන විතරක් නෙමේ, පිරිමි දහස් ගානක් මරල දැම්මා. පොඩි දරුවො උඩ දාලා කඩු තුඩ ඇල්ලුවා. ඒ අස්සේ ලංකාවෙ හරක් සෙට් එකක් බිහි වෙලා ඉන්නවා සාපෙ පටන් ගත්තේ අවුරුදු 76ක ඉඳන් කියලා. නෑ, සාපෙ පටන් ගත්තේ අවුරුදු 210කට කලින් ඉඳලා.
ඉන්දියන්ලා දැන්නම් එංගලන්තේ ආක්‍රමණය කරලා ඉවරයි. එක අතකින් සාධාරණයි.
ඔය සුද්දෝ කොච්චර මානව හිමිකම් සාධාරණය ගැන කතා කළොත් ඇතුලේ තියෙන්නේ කුණු
ඒ රටවල පාලකයෝ වෙන රටවල් වලින් ධනය අරගෙන ගිහිං තමන්ගේ රට දියුණු කරා.. ඒකට අපේ පාලකයෝ තමන්ගේ රටෙන්ම හොරකම් කරලා වෙන රටවල් වල බැංකුවල දැම්මා.. ඕකයි වෙනස..!
ඔය සංවිධායනය බ්‍රිතාන්‍යයේ රාජ්‍ය නොවන සංවිධානයක්. ඔය ඩොලර් ට්‍රිලියන ගාන ආසන්න වශයෙන් ප්‍රකාශය කරාට ඔයිට වඩා වැඩියි. මොකද බ්‍රිතාන්‍යය ආක්‍රමණට පෙර ලෝකයේ ධනවත්ම රට ඉන්දීයාව එහෙම බැලුවම වර්තමානයේ උද්දමනය එක්ක එකතුකරාම ඩොලර් ට්‍රිලියන 150කට වඩා හොරා කලා කියන්න පුළුවන්. මම හිතන විදිහට ලංකාවේ ඩොලර් බිලියන 200-300ක් බ්‍රිතාන්‍යය හොරා කලා තියෙනවා. 1948 ඉදන් වර්තමානයට ලංකාවේ කළු සුද්දෝ ඩොලර් බිලියන 100ක් වගේ හොරා කලා තියෙනවා.