IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි

(අංජුල මහික වීරරත්න)

බහරේන් රාජ්‍යයට පැමිණෙන විදේශිය ශ්‍රමිකයන්ට මෙනින්ගොකොකල් රෝගය ඇතිවිම වලක්වීම සඳහා භාවිතා කරන Meningococcal vaccine එන්නත්කරණය අනිවාර්යය කර ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිවේදනය කරයි. ඒ අනුව ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ද මෙම එන්නත අනිවාර්ය වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය,බහරේන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය එක්ව බහරේන් රාජ්‍ය හා ගල්ෆ් සහයෝගිතා කවුන්සලයේ (GCC) උපදෙස් මත ශ්‍රී ලාංකිකයින්ගේ එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

මෙනින්ගොකොකල් රෝගය යනු නයිසීරියා මෙනින්ජිටිඩිස් (Neisseria meningitidis (also termed meningococcus) බැක්ටීරියාව මගින් ඇතිවන ආසාදන රෝගයකි.

ප්‍රතිකාර නොකළහොත් එම රෝගයට ඉහළ මරණ අනුපාතයක් ඇති නමුත් එන්නත මගින් වලක්වා ගත හැකි බව ⁣සෞඛ්‍ය අංශ පවසයි.

 මෙනින්ජයිටිස් බෝවන රෝගයක් වන අතර  සංවර්ධිත සහ ඌන සංවර්ධිත රටවල රෝග, මරණ සහ ආබාධිතභාවය සඳහා මෙනින්ජයිටිස් සහ මෙනින්ගොකොක්සිමියාව ප්‍රධාන හේතුවකි.

2024 වසරේ බහරේන් රාජ්‍යෙය් රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 4000 කට වැඩි පිරිසක් පිටත්ව ගොස් ඇත.



අදහස් (0)

බහරේන් යන අයට එන්නතක් අනිවාර්ය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 734 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 357 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site