(ඩයනා උදයංගනී)
බස් රථයකට ගොඩවී මගීන්ගේ සුවදුක් විමසීමට ගිය රාජ්‍ය අමාත්‍ය, ආචාර්ය නාලක ගොඩහේවා මහතාට එම මගීන්ගෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉන් බැසයාමට සිදුවිය.
පෑලියගොඩ නව මැනිං වෙළඳපළ වෙත පැමිණෙන ව්‍යාපාරිකයන් සහ පාරිභෝගික ජනතාවගේ පහසුව වෙනුවෙන් එම වෙළඳපල අසලින් බස් රථ කිහිපයක් ධාවනය කරවීමේ කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (1) ආරම්භ වූ අතර එම අවස්ථාවේ දී ඔහු මෙම සිද්ධියට මුහුණ පෑවේය.
රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතාගේ ඉල්ලීමකට අනුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මෙහෙයවීමෙන් මෙම බස් රථ ප්‍රවාහන සේවාව ආරම්භ කර ඇත.
ඒ අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන අංක 228 වැලිවේරිය - පිටකොටුව, අංක 200 ගම්පහ - කොළඹ, අංක 138 කඩවත - පිටකොටුව, 180 නිට්ටඹුව කොළඹ, 260 හැඳල - කොළඹ, 240 මීගමුව - කොළඹ, 188 රත්දොළුගම - පිටකොටුව යන බස්රථ මැනිං තොග වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිටින් ධාවනය කෙරේ.
ආරම්භයේදී උදෑසන සහ සවස් කාලයේ බස් ගමන්වාර 12 බැගින් පමණක් ක්‍රියාත්මක වුවත් ඉදිරියේදී දිනය පුරා මැනිං වෙළඳපල හරහා බස් ධාවනය කරවීමට පියවර ගන්නා බව රාජ්‍ය ඇමතිවරයා කීවේය.
මෙම බස් ධාවන කටයුතු ආරම්භවීමෙන් පසු රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස එම බස්රථවලට ගොඩවී ජනතාවගේ සුව දුක් විමසූ අතර එහිදී ඇතැමුන් ඇමතිවරයාට විරෝධය දක්වන්නට විය.
ඇමතිවරයා එක් බසයකට ගොඩ වූ අවස්ථාවේ එහි සිටි පිරිස් “මේ අහන්න ඇමතිතුමා, අපිට පරක්කුවෙනවා. අපිට යන්න ඕනේ.” ආදී වශයෙන් කියමින් ජනතාව විරෝධය පෑ අවස්ථාවේ “හරි එහෙනම් අපි පරක්කු කරවන්නේ නැතිව බහින්නම්” යැයි කී ඇමතිවරයා ඇතුළු පිරිස බසයෙන් බැස යනු දක්නට ලැබිණි.
බස්නාහිර මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීවල මැනිං පොදු වෙළෙඳ සමිතියේ සභාපති එච්.එම්. උපසේන යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
බස් එකට නැග්ග ගොඩහේවාට මගීන්ගෙන් දෝස්මුර
Raveendra Wednesday, 02 February 2022 08:57 PM
බොහෝම හොඳයි.. බොහෝම හොඳයි.. පට්ටියේ "මන්දබුද්ධිකයින් 226ම " පාට, පක්ෂ භේදයෙන් තොරව "මිරිවැඩි සඟලින්" සංග්‍රහ කළ යුතුමයි.
fairoos Thursday, 03 February 2022 01:01 PM
අනේ පව්
ජනයා Thursday, 03 February 2022 03:24 PM
දේශපාලකයින්ට වන්දනා කරන්නෙ වහල් ස්වල්ප දෙනෙක් විතරයි. මේ රටෙි මේ අය දැන් පිළිකුළට ලක්වෙලා. මොකද කිව්වොත් හැම නරක වැඩකම කෙළවරේ ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක් හෝ ගෑවිලා. පුදුම වැඩේ මේ අය දඩුවම් ලබන බවක් පේන්න නැති එකයි.