(ජේ.කේ.එල්. චාමින්ද)
බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි තවත් රැදවියන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාරය පවසයි.
නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 50 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණවලට ලක්කොට ඇති අතර ඉන් 37 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බවට ලැබු පි.සි.ආර්. පරික්ෂණ වාර්තා අනුව තහවුරුවි ඇත.
ගාල්ල හා කළුතර යන දිස්ත්‍රික්කවල අධිකරණ මගින් රක්ෂිත බන්ධනාගාරගතකරණ රැදවියන් නිරෝධායනය සදහා බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරය වෙත යොමු කරණු ලබති. කොවිඩ් ආසාදිත මෙම රැදවියන් අද (21) උදැසන වනවටිත් බන්ධනාගාරය තුලම රදවා ගෙන සිටියහ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.