
(අමදෝරු අමරජීව)
යාපනයේ සිට කතරගම දක්වා වන්දනාකරුවන් පිරිසක් රැගෙන යමින් තිබූ බස් රථයක් මූතූර් පොලිස් වසමට අයත් ගෙන්ගේ ප්‍රදේශයේදී අද (19) පස්වරුවේ මාර්ගයෙන් ඉවතට පැන පෙරළී යාමෙන් වන්දනාකරුවන් 52 දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කළ බව මුතූර පොලිසිය පවසයි.
බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ වන්දනාකරුවන් 59 දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූ 52ක් මූතූර් රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
ඉන් 50 දෙනෙකු සුළු තුවාල ලබා ඇති අතර දෙදෙනෙකුගේ දෑත්වලට හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් මූතුර් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි .



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.