
(ආරියරත්න රණබාහු)
බස්නාහිර පළාත තුළ ධාවනය කරන කුලී ත්‍රී රෝද වල දැනට දෙවන කිලෝමීටර යට අයකරන ගාස්තුව රුපියල් දහයකින් ලබන 15 වැනිදා සිට අඩු කිරීමට මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය තීරණය කර ඇත.
ඒ අනුව පළමු කිලෝමීටරයට අයකරන රුපියල් සීයයේ ගාස්තුවහී වෙනසක් නොවන අතර දෙවෙනි කිලෝමීටරේ සිටමෙම මිල අඩු කෙරෙන බව එම අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව මහතා පැවසීය.
අන්තර් වාර මිලක් ලෙස හඳුන්වා දෙන නව මිල ගණන් ඉදිරි මාස හය තුළ ගාස්තු සමාලෝචන කමිටුව මගින් තීරණය කරනු ඇතැයිද ඒ මහතා කීය.
වැඩිපුර ගාස්තු අය කරන ත්‍රිරෝද රථ සම්බන්ධයෙන් දුරකථන අංක0760450860 වටිස්ඇප් මගින් දැනුම් දෙන ලෙස ත්‍රී රෝද රථ පාරිභෝගිකයින්ගෙන් සභාපතිවරයා ඉල්ලා සිටි.
COMMENTS