( තිලකරත්න දිසානායක)
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් අස්ගිරිය - වල්පොල මාර්ගයේදී සිදුව ඇති රිය අනතුරකින් වයස අවුරුදු 6 ක දියණිය සහ 41 හැවිරිදි පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගම්පහ රථවාහන අංශය සදහන් කරයි.
කිරිදිවිට දෙස සිට උඩුගම්පොල දෙසට යතුරු පැදියකින් පියා සහ දියණිය ගමන් ගනිමින් සිටියදී විරුද්ධ දිසාවෙන් පැමිණි බවුසරයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ ගම්පහ, උග්ගල්බඩ , ජයන්තිපුර පදිංචිව සිටි බාලසූරිය ලේකම්ලාගේ තුසිත අනුරුද්ධ බාලසූරිය (41) නමැති පියා සහ බාලසූරිය ලේකම්ලාගේ තෙනුරි දහම්සා (6) නමැති දියණියයි.
මියගිය දෙදෙනාගේ මෘත දේහ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර අද (6) පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වෙන බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසීය.
අනතුර සම්බන්ධයෙන් මීරිගම ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන බව්සරයේ රියදුරු අත් අඩංගුවට ගත් බවත් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන බවත් පොලීසිය පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
බවුසරයෙන් ආ මරුවා පියා - දියණිය ඩැහැ ගනියි
fairoos Sunday, 06 February 2022 12:20 PM
ඉතාම කණගාටුයි... නිවන් සුව...!!!
පිළියමක් ලබාදෙන්න Sunday, 06 February 2022 12:39 PM
මේ දිනවල ගම්පහ නගරයට ආසන්නයෙන් වූ කොළඹ - මහනුවර අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනවා. එම වැඩබිම්වලට සැපයීම් කරන විශාල ප්‍රමාණයේ වාහන ඉතා අධික වේගයෙන් ගම්පහ - ජා ඇල මාර්ගයේ ගමන් කරනවා. ඔවුන්ගේ ධාවන විලාසය අනුව මත්ද්‍රව්‍ය භාවිතා කරලා වාහන ධාවනය කරනවද කියලත් සැක හිතෙනවා. මෙවන් අවාසනාවන්ත දේවල් එම ප්‍රදේශයේ වළක්වා ගන්න නම් ගම්පහ රථවාහන පොලිසිය යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න ඕනෑ...!
Raveendra Sunday, 06 February 2022 05:33 PM
අනේ පව්... ඔබ දෙදෙනාට නිවන් සුව අත්වේවා..!!!