
(යොහාන් භාසුර)
ඇමරිකානු ගේට්ස් පදනමේ (Bill & Melinda Gates foundation) ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තුවේදී අද (11) පැවැතිවිණි.
මෙම හමුවේදී ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය ක්‍රිස් එලියස් මහතා සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය බවත්, මෙම විශේෂ හමුව සඳහා පාර්ලිමේන්තුව වෙත ආරාධනා කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් පැවසීය.
එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලියස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය දීමේ හැකියාව පිළිබඳව ද සඳහන් කළේය.
එහිදී අග්‍රාමාත්‍යවරිය ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින් මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය විශේෂ ඇගයීමට ලක් කළ අතර, ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසා ද පදනම මඟින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළහ.


2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිල්ගේට්ස් පදනම අගමැතිනිය හමුවෙයි
රුවන් Sunday, 13 July 2025 08:28 AM
බීල් ගේට්ස් 2004 සුනාමිට දුන්නු ඩොලර් මිලියන ගාන (දැන් විදියට බිලියනයකට ආසන්න) මහින්ද රාජපක්ෂ මාමා පිල්ලි ගහපු එකේ පරීක්ෂණ ටිකත් කරන්න වෙයි... නැත්තන් ඔය දෙන ආධාර ටිකත් නැතිවෙයි...