IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම්

(උපාලි ආනන්ද)

කලාවැව නාමල් උයන සහ ඒ අවට ප්‍රදේශවල වසර ගනනාවක් සැරිසරමින් සිටි බරණ දළ ඇතාට විදුලිය සැර වද්දවා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ අධිකරණ නියෝග මත දැනට ඇප මත මුදා හැර සිටින සැකකාර පොලිස් කොස්තාපල්වරයාගේ සේවය වාහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කළ බව සහකාර පොලිස් අධිකාරි නාමල් පෙරේරා මහතා පවසයි.

ගල්කිරියාගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ කරන පොලිස් කොස්තාපල් (51622) ජයසුන්දර හේරත් මුදියන්සේලාගේ අජිත් කුමාර ජයසුන්දර නමැති සැකකරු ඉකුත් 6 වන දින ගල්කිරියාගම වනජීවී කාර්යාලයට බාර වීමෙන් පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවෙ ඇපමත මුදා හැරියේය.

බරණ දළ ඇතාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශූ වෛද්‍ය ඉසුරු හේවාකෝටිටගේ මහතා ඇතාගේ මරණයට හේතුව ලෙස විදුලිය සැර වැදීමෙන් හෘර්ද වස්තුවට සිදුව ඇති බලපෑම ඇතාගේ මරණයට හේතුව වී ඇති බව තීරණය කළේය.

විදුලිය සැර වද්දවා මරා දැමුණු බරණ දළ හස්තියගේ වයස අවුරුදු 30 ක් පමණ වන බවත් බරණගේ උස අඩි නවයක් පමණ වන බවත් පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ වනජීවී පශු වෛද්‍ය ඉසුරු හේවාකෝට්ටගේ මහතා විසින් තහවුරු කළේය.

බරණට  අඩි හතරක් පමණ දිග පිරිපුන් දළ යුගළකට හිමිකම් පෑවේය.

 



අදහස් (1)

බරණ ඇතාගේ ඝාතක කොස්තාපල්ගේ වැඩ තහනම්

fairoos Wednesday, 10 August 2022 01:00 PM

ඇප දීලත් ඉවරයි.. ඉතින් කොහොමද මෙවැනි අපරාද නවත්වන්නෙ?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site