
ඊශ්‍රායල පලස්තීන අර්බුදයේ දී, ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය ලබා දෙමින්, ගාසා තීරයට පහර දීමට ඉඩ දී, ගාසා තීරයේ මුස්ලිම් වැසියන් ඝාතනය කිරීමට ඉඩ දෙනවා යැයි ඇමෙරිකන් ජනාපධිති ජෝ බයිඩන්ට ඇමෙරිකාවේ මුස්ලිම් වැසියන්ගෙන් දෝෂාරෝපණ එල්ල වෙයි.
මුස්ලිම් වැසියන් තරයේ පවසා ඇත්තේ ලබන 2024 වසරේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානමින් සිටින බයිඩන්ට තමන් ඡන්දය ලබා නොදෙන බවය.
(සී.එන්.එන්.)
COMMENTS
බයිඩන් දිනන්න ඕනේ නැහැ... ඒක වෙනම කථාවක්... හැබැයි මුස්ලිම් කාරයින්ට, අපේ රටේ දේශපාලක හැත්ත වගේ, ඇමරිකන් නායකයෝ යටවෙන්නේ නැහැ...!
මුස්ලිම් ඡන්දය තිබ්බත් එකයි නැතත් එකයි, ආසියාතිකයින් ඡන්දය දෙන්න වෙන්නේ කොහොමත් බයිඩන්ට මොකද? රිපබ්ලිකන් පක්ෂය ආවොත් පලස්තීන අළුමවෙලා යයි.. බුෂ්ගේ කාලයේ වෙච්ච දෙවල් මතක නම් (ලංකාවේ වගේ නෙමෙයි, මොන පක්ෂය ආවත් ඇමරිකාවේ ප්‍රතිපත්ති වෙනස් වෙන්නේ නෑ... මොකද ඇමරිකාව අන්තිමට චීනාවත් දණ ගැස්සුවා)
හලෝ නොදන්නා දේශපාලනය ඇමරිකාවේ කතා කරන්න එපා, ජෝ බය්දන් නෙවේ කුමන ජනාධ්පති වරයා හිටියත් ඉෂ්රලයට සහයෝගය දෙනවා, ඊට හේතුව ඇමරිකාවේ සිටින 90%ක්ම සල්ලි කාරයන් ඔවුන්, ඔවුන් තමා මේ රටේ කොදුනාරටි, ඔබලා වැලපිලා පලක් නැහැ, මේ රට ජනමතය මුස්ලිම් චන්ද වලින් ජනාධිපති වරයා වෙන්ස්කරන්නේ නැත, රටේ පුරවැසියනට ,රටේ උන්නතියට යමක් සිදුවුනොත් පමනය් ජනධ්පතිට බලපාන්නේ, ලංකාවේ වගේ නිකන් කන්න බලගෙන පිරිසක් මෙහෙ නොමැත,
Bamunuarachchi, ඔබ ලබන ආත්මයේ මුස්ලිම් වීමටත් බැරි නෑ .කියවලා තියනවද "Gora" කියලා පොතක් .එතකොට තේරෙයි
ප්‍රශ්ණවලට විසදුම යුද්ධය නොවේ. රටවල් දෙකක් අතර පවතින යුද්ධයකදී ඒ රටවල් දෙකට පමණක් යුද්ධය කරන්න ඉඩදී යුද්ධය ඉක්මනින් අවසන්කල යුතුයි.නමුත් ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් කරන්නේ යුද්ධයේ පාර්ශවකරුවකුවී එක රටකට යුද ආධාරද සැපයීමයි. මෙයින් යුච්ධයට මුහුණදී ඇති රටවල් පමණක් නොව ලෝකයේ අන්රටවලට ආර්ථිකයන්ද අඩපනකර දමයි. බයිඩන් පැරදුනා කියා ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති වෙනස්වේයයි සිතීම අසීරුය. ඇමරිකාවේ පැවැත්ම සදහා යුද්ධයේදී සතුරුයයි කියාගන්නා පාර්ශවයට එරෙහිව මිතුරු පාර්ශවයට යුද ආධාර සැපයීම ඇමරිකාව ප්‍රතිපත්තියක් කරගෙන තිබේ.
ඉස්ලාම් සම්බන්ධ ත්‍රස්තවාදය ලෝකයේ මේ තරම් පැතිරෙන්නේ නෑ. ඉස්ලාම් ජනතාව එළිපිටම මේ ත්‍රස්ත ක්‍රියාවලට විරුද්ධ වෙනවා නම්. දැන් බලන්න ලෝකයේ තියෙන දරුණු ත්‍රස්ත කණ්ඩායම් වලින් බොහෝමයක් ඉස්ලාම් හා සම්බන්ධයි. ජාතිය, ආගම, කුමක් වුණත් ජනඝාතන, ජාති, ආගම් විරෝධයට එරෙහිව කතා කළ යුතුයි.
වෙනත් ආරංචි හැටියට බයිඩන් මහතා මෙවර ජනපතිවරණයට තරග නොකර වෙනත් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තිරය පිටුපස කටයුතු සිදුකරති. ඒ වගේම එංගලන්තයේ ද ගාසා ප්‍රතිපත්ති හේතුවෙන් කම්කරු පක්ෂ නායක සර් කර් ස්ටාර්ම පක්ෂය තුළ අර්බුදයකට මුහුණ දී සිටියි...