IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි

ජෝ බයිඩන් ඇමෙරිකා ජනාධිපති ධුරයෙන් සමු ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී, අපරාධ චෝදනා ලැබ සිටි ඔහුගේ පුතු හන්ටර් බයිඩන් ද ඇතුළු ඔහුගේ හිතවාදීන් පිරිසකට ජනාධිපති සමාව දීම, බල රහිත කිරිමට වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සූදානම් වෙයි.

ජනාධිපති ට්‍රම්ප් පෙන්වා දී ඇත්තේ, බයිඩන්, එම පිරිසට ‘ජනාධිපති සමාව’ ලබා දුන්නේ හොඳ සිහි කල්පනාවෙන් නොවන බවය. ජනාධිපති ට්‍රම්ප් මේ බව පැහැදිලි කර ඇත්තේ, ඔහුගේ ‘ටෲත් සෝෂල්’ නමැති ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය. 

බොහෝ ඇමෙරිකන් ජනාධිපතිවරුන් සේම, ජෝ බයිඩන් ද, ස්වංක්‍රීය පෑනක් භාවිතයට ගනිමින් විධායක නියෝගවලට අත්සන් තැබීම සිදු කර ඇත. එසේ ස්වයංක්‍රීය පෑනකින් අත්සන යෙදීම ජනාධිපතිවරයාගේ දැනුවත්කමින් තොරව වුව ද කළ හැකිය. 

ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා කර ඇත්තේ, බයිඩන් ධුරයෙන් ඉවත් වීමට ඔන්න මෙන්න කියා තිබියදී, සමාව දුන් අය කවුරුන්දැයි කියා හෝ හරිහැටි නොදන්නා බවය. සමාව දුන් පිරිස අතර, දේශපාලන මැරයන් පවා සිටින බවට ට්‍රම්ප් වැඩි දුරටත් චෝදනා නගා ඇත.

බයිඩන්ගේ පුතු හන්ටර් බයිඩන් නීතීඥවරයකු වන අතර, ඔහු අපරාධ චෝදනා එල්ල වී ඒවාට වරදකරුවකු වූයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටිද්දී, නිතිවිරෝධී ලෙස ගිනි අවියක් ළඟ ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. හන්ටර් බයිඩන්ට චෝදනා ඉදිරිපත් කිරීමට නියමිතව තිබියදී, බයිඩන් මැදිහත් වී පුතුට සමාව දුන්නේය.

බයිඩන් සිහි කල්පනාවෙන් තොරව, පුතු හන්ටර් බයිඩන් සහ සෙසු පිරිසට සමාව දුන් බව ඔප්පු කිරීමට ට්‍රම්ප් සහ ඔහුගේ නීතීඥයන් සමත් වුහොත්, බයිඩන් විසින් අවසන් මොහොතේ කරනු ලැබූ ‘ජනාධිපති සමාව දීම්’ සියල්ල අහෝසි වනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

 (එන්.ඩී.ටීවී.)



අදහස් (0)

බයිඩන්ගේ ‘සමාව දීම්’ ජනපති ට්‍රම්ප් රිවෙස් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 91 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 738 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 361 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site