
(අංජුල මහික වීරරත්න)
ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැවත නඟා සිටු වීම පිණිස සහාය වීමේ ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
වසර ගණනාවක් පුරා, ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය ශක්තිමක් කිරීම සඳහා රජය විසින් විවිධ සහනදායි ණය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලැබ ඇත.
ඒවා අතරින්, කාර්මික සහ නිෂ්පාදන අංශ වල ආයෝජන සඳහා SMILE - III අදියර, පරිසර හිතකාමී මුල්‍යකරණ සඳහා E-FRIEND - II අදියර සහ සියලුම ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් සඳහා පුළුල් හා පහසු ප්‍රවේශයක් සහිත මූල්‍ය සහාය ලබා දෙන, රජය විසින් අරමුදල් සපයනු ලබන ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම (RE- MSME) යන ණය යෝජනා ක්‍රම ඒකාබද්ධ කර, 2026 වර්ෂයේ සිට RE-MSME PLUS ක්‍රියාත්මක කිරීමටත්, ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශය නැවත පණ ගැන්වීම සඳහා ආපදා සහන (RE - MSME - Disaster Relief) ණය යෝජනා ක්‍රමය නමින් නව ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමටත් සැලසුම් කර ඇත.
ඒ යටතේ ව්‍යවසායකයන් 130,000කට පමණ ක්ෂණික සහ මධ්‍ය කාලීන මූල්‍ය සහන ලබා දීමේ ක්‍රියාමාර්ග හඳුන්වා දීමට අපේක්ෂා කෙරේ. යෝජිත ණය යෝජනා ක්‍රමය යටතේ ක්ෂුද්‍ර ව්‍යාපාර සඳහා රුපියල් 250,000/- ක සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා රුපියල් 1,000,000/-ක උපරිමයකට යටත්ව, මාස 06 ක උපරිම සහන කාලයක් සහිතව වාර්ෂික 3%ක පොලී අනුපාතයක් යටතේ අවුරුදු 03 ක කාලසීමාවක් සඳහා අවශ්‍ය අරමුදල් සලසා දීමට පියවර ගනු ඇත. ඒ අනුව, RE-MSME PLUS ණය යෝජනා ක්‍රමය සහ RE- MSME - Disaster Relief 6 යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාක්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 04
598
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
508
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
429
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බිඳ වැටුණු ව්‍යවසාය ගොඩනගන්න අලුත් ණය යෝජනා ක්‍රමයක්