
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රෝහලේ රාජකාරිකරන බන්ධනාගාර නියාමක වරයකුගේ හිස් වැසුම පරීක්ෂා කිරීමේදී ඒ තුළ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 28ක් හමුවී ඇතැයි බුද්ධි අංශ නිලධාරීහු පවසති.
දුම්බර බන්ධනාගාරයේ නියාමකවරයකු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට ලද තොරතුරකට අනුව බන්ධනාගාර බුද්ධි නිලධාරීන් කලක සිට අවධානයෙන් සිට අදාල නියාමකවරයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ හිස් වැසුමේ ඇතුල් පැත්තේ කිසිවෙකුටත් සැක නොසිතෙන ආකාරයට සියුම් කැපුමක් යොදා ඒ තුළට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 28ක් ඇතුල් කොට තිබියදී බුද්ධි අංශ නිලධාරීන් විසින් සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd