IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බදු ගැන ඉන්දියාව සමඟ ගිවිසුමක්

(අංජුල මහික වීරරත්න)

ද්විත්ව බදුකරණය මඟ හැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කර ගනු ලබන ගිවිසුමේ සන්ධාන පත්‍රය සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ආදායම් මත බදු සම්බන්ධයෙන් ද්විත්ව බදුකරණය මගහැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දියානු රජය අතර ගිවිසුමකට 2013 වර්ෂයේදී එළඹ ඇත.

ශ්‍රී ලංකාව හා ඉන්දියාව Inclusive Framework of the Base Erosion and Profit Shifting (BEPS) Project හි සාමාජිකයන් වන බැවින්, ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වන සංවිධානයේ 20 කණ්ඩාය (Group of 20 Organization for Economic Cooperation and Development) සැලැස්මේ අවම ප්‍රමිතීන් ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී. 

ඒ අනුව 2013 වර්ෂයේදී අත්සන් කරනු ලැබ ඇති ද්විත්ව බදුකරණය මගහැරවීම සහ ආදායම් මත බදු ගෙවීම පැහැර හැරීම වැළැක්වීම සඳහා වන ගිවිසුම සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත. 

ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඇතුළත්ව සකස් කරනු ලැබ ඇති සංශෝධිත ප්‍රොටකෝලය සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ එකඟතාව සහ නීතිපතිගේ නිෂ්කාශනය ලැබී තිබේ. 

ඒ අනුව, සංශෝධිත ප්‍රොටකෝලය සඳහා අත්සන් තැබීමටත්, 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 75(1) වගන්තිය ප්‍රකාරව අත්සන් කරන ලද ප්‍රොටකෝලය අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාක්‍ය වශයෙන් ජනාධිපති ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

බදු ගැන ඉන්දියාව සමඟ ගිවිසුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site