(ඇල්ල ප්‍රසාද් රුක්මල්)

පවතින අධික වර්ෂාවත් සමඟ පස්සර මඩොල්සිම මාර්ගයේ 1 කණුව සොහොන හංදිය අසලදී අද (21) පස්වරුවේ පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටීමෙන් මාර්ගයේ රථ වාහන ධාවනයට බාධා සිදුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

බදුල්ල දිස්ත්‍රික්කයේ මේ දිනවල සවස්වරුවේ පතිතවන ධාරානිපාත වර්ෂාවත් සමඟ මෙසේ මාර්ගයට විශාල පස්කන්දක් සමඟ ගස්කොළන් කඩා වැටී තිබිණ.

මේ නිසාවෙන් පාසල් නිමවී සවස නිවෙස්වලට යන පාසල් සිසුන් මෙන්ම රැකියාවලට ගොස් නිවෙස් කරා යන උදවිය ද, මහජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටියහ .

මාර්ගයට කඩා වැටී තිබෙන විශාල පස්කන්ද සමග ගස්කොළන් ඉවත් කිරිමට කඩිනමින් පියවර ගන්නා බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .