IMG-LOGO

බිත්තර ආනයනයෙන් රෝග එන්න පුළුවන්

(යොහාන් භාසුර)

බිත්තර හිටිහැටියේ ආනයනය කළහොත් ඇතැම් රෝග මෙරටට පැමිණිමේ අවදානමක් ඇති බවත් ඒත් සමඟම ‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ නමැති වෛරස් රෝගය මෙරටට පැමිණීමේ දැඩි අවදානමක් පවතින බවත් රජයේ පශු වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා අද (3) පැවසීය.

‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ රෝගය මෙරටට ළගාවීම වැලැක්වීමට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් විශාල කාර්යභාරයක් කර ඇති බව කී සිසිර පියසිරි මහතා ඒ හේතුවෙන් බිත්තර ආනයනයට ගත් තීරණය යළි සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ද සඳහන් කළේය.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ පාර්ශව රැසක් එකතු වී ‘ඒවියන් ඉන්ෆ්ලුවෙන්සා’ රෝගය රටට ඇතුල්වීම වළක්වා ගෙන සිටින බවත් එම රෝගය ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වුවහොත් ඉතාම ගැටලු සහගත තත්ත්වයක් ඇතිවිය හැකි බවත් පශු වෛද්‍ය සිසිර පියසිරි මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (9)

බිත්තර ආනයනයෙන් රෝග එන්න පුළුවන්

saliya Tuesday, 03 January 2023 01:19 PM

අපි හොඳට තම්බලා කන්නම්.... ප්‍රශ්නයක් නැහැ...

:       2       19

චන්දන Tuesday, 03 January 2023 02:09 PM

ඔව්. අමුවෙන් බිව්වොත් තමා ඒ ගැටළු එන්නේ . තැම්බීම නිසා ප්‍රශ්න නැහැ . මේ හදන්නේ කලු කඩ කාරයින්ට ගොටු අල්ලන එක. හැකි සෑම කෙනෙක් ම බිත්තර ආනයනය කරන්න ඕන .

:       2       11

Lanka Tuesday, 03 January 2023 01:54 PM

මාර ආදරයක් තියෙන්නෙ

:       1       4

dilan Tuesday, 03 January 2023 01:59 PM

බිත්තර සංගමයෙන් ජරාව කන එකෙක්

:       1       6

pakeer Tuesday, 03 January 2023 02:00 PM

මේ ප්‍රශ්නෙට විසඳුම රටින් බිත්තර ගේන ඒක නෙවි. තව තවත් පිටින් බඩු ගේන්න එපා

:       4       5

Perera Tuesday, 03 January 2023 03:16 PM

ඕස්ට්‍රේලියාව නවසීලන්තේ වගේ රටවල් තම්බපු බිත්තරයක්වත් ගෙන්වන්න දෙන්නේ නැහැ

:       0       0

ravin Tuesday, 03 January 2023 03:50 PM

උගතුන්ගෙ හා නුගතුන්ගෙ ත ීරණ. ලෝකයෙ ඔනාම රටක ආරක්ශන නිරෝධායනය නීති පද්ධතියක් තියෙනවා. නුගතුන්ගෙ ලොකෙ තියෙන්නෙ ?

:       1       0

Bamunuarachchi Tuesday, 03 January 2023 05:29 PM

එකට කමක් නැහැ ලංකාවේ බිත්තර මුදලාලිලාට අපිව ගහන් කන්න ඉඩ දෙන්න එපා.

:       0       0

Jayalath Wednesday, 04 January 2023 04:37 AM

ස්සර ලංකාවට ගෙනාපු බිත්තර වල ඔය කියන වයිරසය තිබුණේ නැද්ද .මේක ජනතාව සූරාකෑමේ අදහසක් තමයි .කාගේ උවමනාවක් නිසාද මෙම ගෙන්වීම නතරකරන්න හදන්නෙ .එහෙම නැතිව රජයට අපහසුතාවයකට පත් කිරීමේ අදහසින්ද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 95 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1021 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site