
අනවසර සංක්‍රමණිකයන් දෙසීයකට වැඩි පිරිසක් රැගත් කුඩා බෝට්ටුවක්, යේමනයට ඔබ්බෙන් මුහුදේ ගිලී යෑමෙන් 49 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 140 ක් අතුරුදන් වූහ.
මියගිය පිරිස අතරේ, කුඩා දරුවන් 6 දෙනකු සහ කාන්තාවන් 31 දෙනකු සිටින බව එක්සත් ජාතීන්ගේ සංක්‍රමණික කටයුතු සම්බන්ධ ආයතනය කියයි.
මුහුදේ ගිලී යද්දී බෝට්ටුවේ 260 කට ආසන්න පිරිසක් සිටියහ. ඔවුන් වාර්ගික සහ සිවිල් යුද ගැටුම් හේතුවෙන් පණ බේරාගෙන ඉතියෝපියාවෙන් සහ සෝමාලියාවෙන් ආ වැසියන් බව තහවුරු වී ඇත.
මෙම පිරිස, කිලෝ මීටර් 320 ක දුරක් පා ගමනින් පැමිණ, පසුව ඒඩන් බොක්ක හරහා බෝට්ටුවකින් යේමනයට යෑමට උත්සාහ ගෙන ඇතැයි අනාවරණය වී තිබේ. අනවසර සංක්‍රමණිකයන් පිරිස, උත්සාහ ගෙන ඇත්තේ යේමනයේ සිට සෞදියටත් සෙසු කලාපීය අරාබි රටවලටත් ඇතුළුවීමටය.
බෝට්ටුව මුහුදේ ගිලී යෑමෙන් පසු දිවි ගලවා ගැනීමට සමත් වී මුහුදේ පාවෙමින් සිටි 71 දෙනකු බේරා ගැනීමට වෙරළාරක්ෂකයන් සමත් වුණු බවත් ඔවුන්ගෙන් අට දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝට්ටුවක් පෙරළී 49 ක් මරුට