IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බංගලි ඇඟළුම්හල් යළි අරී

(විමුක්ති එස් රුද්‍රිගු)

බංග්ලාදේශයේ ඇඟලුම් අංශය ගැඹුරු අර්බුදයකට ඇද වැටෙන ලකුණු පෙන්නුම් කරමින් පසුගියදා අශුලියා නගරයේ වසා දැමුණු ඇඟලුම් කම්හල් 219 න් 20 ක් හැර අනෙකුත් සියලුම කර්මාන්තශාලා සිය මෙහෙයුම් කටයුතු අද (15) නැවත වරක් ආරම්භ කළේය.

ඇඟලුම් කම්හල් සේවකයන් ප්‍රචණ්ඩකාරීව හැසිරෙමින් නොසන්සුන්කාරීව හැසිරීම හේතුවෙන් පසුගිය 12 වැනිදා අශුලියා නගරයේ ඇඟලුම් කම්හල් 133 ක් තාවකාලිකව වසා දැමුණු අතර තවත් 86 ක් කම්කරු පනත යටතේ ස්ථිර වශයෙන් වසා දැමුණේය. තාවකාලිකව වසා දැමුණු කම්හල් 133 නිවාඩු දින ප්‍රකාශයට පත් කරමින් වසා දැමුණු අතර ඉතිරි 86 සේවකයන්ගේ අසාධාරණ ඉල්ලීම පෙන්වා දෙමින් කම්කරු පනත යටතේ ස්ථිර වශයෙන් වස දැමුණේය.

එම අවස්ථාවේ නොසන්සුන්තාවය කඩාකප්පල්කාරීන්ගේ ක්‍රියාවක් බවට බලධාරීන් මත පළ කළේය. කෙසේ වෙතත් අන්තර්වාර රජයේ බලධාරීන් කම්හල් හිමියන් සමඟ පැවැති සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස වසා දැමුණු කම්හල්වලින් 20 ක් හැර ඉතිරි කම්හල් සියල්ල ඊයේ(15) උදෑසන 8 වනවිට රාජකාරි කටයුතු ආරම්භ කළ අතර උදෑසන 11 වනවිටත් එහි කිසිඳු ප්‍රචණ්ඩකාරී සිදුවීමක් වාර්තාවී නොතිබිණි. තවමත් වසා දමා ඇති කම්හල් 20 න් 18 ක් ස්ථිර වශයෙන් වසා දැමුණු කම්හල්වලට අයත්ය.

අශුලියා නගරය ඇඟලුම් කම්හල් 407 කට නිවහන වේ.

 



අදහස් (0)

බංගලි ඇඟළුම්හල් යළි අරී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site