(සුජිත් හේවාජුලිගේ )
රටේ ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සෙවීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කටයුතු සඳහා විශේෂඥ උපදෙස් ලබා ගැනීමට විශේෂිත විද්වත් මණ්ඩලයක් පත්කර ගැනීමට තීරණය කර ඇතැයි එම කාරක සභාවේ සභාපති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා ලංකාදීපයට පැවැසීය.
ආර්ථිකය සහ මූල්‍ය පරිපාලනය සම්බන්ධයෙන් විශේෂ දැනුවත් භාවයක් ඇති විද්වතුන් පිරිසක් මෙම මණ්ඩලයට පත්කර ගැනීමට බලාපොරොත්තු වන බව පැවසූ මන්ත්‍රීවරයා රට බංකොලොත්භාවයට පත්වීම සම්බන්ධයෙන් ජනතාවට උපරිම විනිවිදභාවයෙන් යුතුව සත්‍ය තොරතුරු හෙළි කිරීම කාරක සභාවේ අපේක්ෂාව බවද ප්‍රකාශ කළේය.
ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා ඉදිරියේදී රාජ්‍ය ආයතන මෙන්ම යම් යම් පෞද්ගලික ආයතනද කැඳවීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව බලාපොරොත්තු වෙයි.
විශේෂ කාරක සභාව ඉදිරියේදී කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් විශේෂිත මාර්ග සැලැස්මක් සකස් කර ගැනීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙන බව
සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.
ආර්ථික බංකොළොත්භාවය පිළිබඳ කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පසුගියදා දින දෙකක් රැස්විය.
විශේෂ කාරක සභාවේ සභාපති ධූරය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු පත් කිරීමට විරෝධය පළ කරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂවල නියෝජිතයෝ මෙම කාරක සභා රැස්වීම්වලට සහභාගීවීමෙන් වැළකී සිටිති.
ආර්ථික බංකොලොත්භාවයට වගකිවයුතු පක්ෂයක මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ධූරයට පත් කිරීම හොරාගෙ අම්මගෙන් පේන ඇසීම හා සමාන ක්‍රියාවක් බව එම විපක්ෂ මන්ත්‍රීවරු චෝදනා කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ තියෙන බදුසල්ලි ටිකටත් කෙළින වැඩ මේවා. සාගරට හොයන්න පුළුවන්ද බංකොළොත් වුණු හේතුව. රටේ මිනිස්සුන්ගෙන් ඇහුවා නම් කියයි ඔය කමිටු වලට වැඩිය හොඳට... කවුද ආර්ථිකය කෑවේ කියලා..!
අයියෝ මොනවද මේ කතා...? විශේෂිත විද්වත් මණ්ඩලේට කට්ටිය ඔයාලගේ පොදුජන පෙරමුනේ ඉන්නේ. ඒ ගොල්ලන් හොඳට දන්නවනේ රට බංකොළොත් කලේ කවුද කියලා...
ඒ වාශේෂඥ කමිටුවට උපදෙස් ගන්න අධි විශේෂඥ කමිටුවකුත් පත්කරන්න තව බත් බැලයෝ සෙට් එකක් දාලා...!
අහිංසක මිනිස්සු හිඟමනට දාලා දැන් කවුද කරේ කියලා හොයනවා. මේ වගේ ගොන්හරක්... කොහොම ලෝයර් කෙනෙක් වුණාද මන්දා?
හොරාගේ අම්මත් හොරාගේ ආච්චි අම්මාගෙන් අහලා වගේ පේනේ කියන්නේ...
රටේ ආර්තිකය බංකොළොත් කෙරුවේ දූෂිත, බලලෝභී, දේශපාලුවන් කියලා ලෝකෙම දන්නවා. මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා හිඟමනේ යනවා...
මේ රට හිඟන තත්වෙට එනකන් හොරකම් කරලා, කාලා, දැන් උන්ම හොයනවා කව්ද කෙරුවේ කියලා. මේ රටේ මිනිස්සු කවුරු කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නෑ. මේක දාලා යන්නේ නෑ. මොනවා හරි දාලා එල්ලිලා ඉන්නයි ගැට ගහන්නේ. ගියොත් සෙට් එකටම මහගෙදර උළු ගනින්න වෙනවා කියලා දන්නවා රටට කරපු අපරාධ වලට. මිනිස්සු මොනතරම් අසරණ වෙලාද ඉන්නේ...? මොවුන්ට වගේ වගක් නෑ. ඕවාට වන්දි ගෙවන්න වෙනවාමයි. තවත් කිසිම බලයක් නැතිව බලෙන් එල්ලිලා ඉන්නවා ලැජ්ජා නැතිව. මේ රට හින්දා හොඳයි. තවත් ටිකක් ඔහේ දඟලන්නේ කකුළුවෝ වගේ...
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට බැරිබව කවුරුත් දන්නවා. ඒ නිසා මොකටද අතරමැදියන්, ඕක අර විද්වතුන්ටම කරන්න දීලා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ ටික අපේ සල්ලි විනාශ නොකර අයින් වෙයව්. පුළුවන් නම් නුඹලා පාර්ලිමේන්තුවෙනුත් යන්න... නුඹලාට කරන්න පුළුවන් හොරා කන්න විතරයි.
ඉදකින් මේකා දකින්නත් අප්පිරියයි ...