(චාපා මධුභාෂිණි සහ නිමල් ජයරත්න)
පොලොන්නරුව නගරාසන්නයේ ලැගුම්හලක කලක් තිස්සේ නතර වී සිටි අඹු සැමි යුවළක් මත් කුඩු, මුදල් රන් ආභරණ සහ දුරකතන හතරක් සමග අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.
කළුතර අගලවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම අඹුසැමිය යුවළ කලක පටන් මෙම ප්‍රදේශයේ නතරවී ඊෂි කෑස් ක්‍රමයට මත්ද්‍රව්‍ය බෙදා හැර ඇතැයි මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
33 වැනි වියේ පසුවන කාන්තාව මාස හයක ගැබිණියක බව ද පොලිසිය සඳහන් කරයි. සැකකරු 38 හැවිරිදි බව ද වාර්තා වේ. මාස පහක් පමණ තිස්සේ මෙම ලැගුම්හලේ නවාතැන්ගෙන මෙම ජාවාරම සිදුකර ඇතැයි පොලිසිය සඳහන් කරයි.
සැකකරුවන් සතුව තිබූ රුපියල් 19,31,000ක මුදලක්, රන් ආභරණ විශාල ප්‍රමාණයක්, ත්‍රිරෝද රියක්, ඡංගම දුරකතන හතරක්, මත්කුඩු ග්‍රෑම් 25 මිලි ග්‍රෑම් 600ක් සහ සිම් කාඩ් හතරක් සොයාගත් බව ද පොලිසිය කියයි.
සැකකරු 2007 වසරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදු වූ අපරාධයක සම්බන්ධ බවත් පොලිස් වෙඩි පහරකට ලක්ව ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.
මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක ම
සිය පෙම්වතිය බව කියන තරුණියකගේ කුලියාපිටිය ප්‍රදේශයේ නිවෙසකට ගිය තිස් හැවිරිදි අයකු දින හතක් තිස්සේ අතුරුදන්ව ඇති බව කුලියාපිටිය මූලස්ථාන පොලිසිය ප
වැඩ කරන සෑම කෙනකුටම විශ්‍රාම වැටුපක් හෝ ඊටීඑෆ්/ඊපීඑෆ් ලැබෙන ආකාරයේ යෝජනාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කම්කරු, හා විදේශ රැකියා අමාත්‍ය
වාහන ආනයනය කිරීමට පනවා තිබෙන තහනම ලබන වසර මුලදී ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පියවර ගනු ඇතැයි භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ
මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්ද
මෙරට ප්‍රසිද්ධ ටයර් නිෂ්පාදන සමාගමක් ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි 26 කට අධික දඩ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි වාර්තාවේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
පොලොන්නරුවට කුඩු බෙදූ යුවළක් මාට්ටු