IMG-LOGO

2024 මැයි මස 12 වන ඉරිදා


කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ

(නාමිණි විජේදාස සන්ඩෙ ටයිම්ස්)

මහා පරිමාණ ව්‍යාපෘති 35 කට සම්බන්ධ කොන්ත්‍රාත් 300කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී අත්හිටුවා ඇති බවත් එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් නවයක් සඳහා වන්දි ලෙස රුපියල් කෝටි 230ක්) එම කොන්ත්‍රාත්කරුවන් විසින් ඉල්ලනු ලැබි ඇති බවත් මුදල් අමාත්‍යාංශයේ ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

එලෙස අත්හිටවූ කොන්ත්‍රාත් අතරින් කොන්ත්‍රාත් 22 ක් සඳහා වන්දි දෙන ලෙස ඉල්ලමින් අදාළ කොන්ත්‍රාත්කරුවන් විසින් ඉදිරියේදී නඩු ගොනු කිරීමට ඉඩ තිබෙන බවත් ව්‍යාපෘති 37 ක් පසුගිය වසරේ අවසන් කාර්තුවේදී කිසිඳු ප්‍රගතියක් ලබා නොමැති බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ වර්තාවක දැක්වේ.

එම ව්‍යාපෘති 37 අතර විදේශ රටවල් මූල්‍ය සහාය ලබාදීම නතර කළ ව්‍යාපෘති 17 ක් තිබෙන බව ද ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ එම වාර්තාවේ සඳහන්වේ. කොන්ත්‍රාත්කරුවන්ගේ දුර්වල ක්‍රියාකාරිත්වය හේතුවෙන් තවත් ව්‍යාපෘති 41 ක ක්‍රියාත්මක කිරීමේ ප්‍රමාදවීම් වාර්තා වන බවත් මෙරට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවලින් සියයට 20 කට මෙම ගැටලුව බලපා තිබෙන බවත් එම වාර්තාවේ දැක්වේ. මෙම ගැටලුව නැවත නැවත ඇතිවීම වැළැක්වීම සඳහා කොන්ත්‍රාත්කරුවන්ගේ ලියාපදිංචිය අලුත් කරන විට ඔවුන්ගේ කාර්ය සාධනය සළකා බැලීම වැදගත් බව ව්‍යාපෘති කළමනාකරණ සහ අධීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.



අදහස් (1)

කොන්ත්‍රාත්කරුවන්ට පොලු තියලා ව්‍යාපෘති 35 ක් කොටඋඩ

Nimal Monday, 29 April 2024 04:32 PM

වැඩ ප්‍රමාද වීම ගැන මේ අය කොන්ත්‍රාත්කරුවන්ට බනිනවද? එක් රාජ්‍ය සංවිධානයක්, 2022 නොවැම්බර් මාසයේදී කොන්ත්‍රාත්කරුවන්ට දැනුම් දුන්නේ 2022 ඔක්තෝබර් දක්වා කරන ලද වැඩ සඳහා පමණක් ගෙවීම් කළ හැකි බවයි. පැහැදිලිවම, බොහෝ කොන්ත්‍රාත්කරුවන් විසින් සිදු කරන ලද වැඩ සඳහා ගෙවීම අවිනිශ්චිත බැවින් කාර්යයේ ප්‍රගතිය මන්දගාමී විය. ඉන්පසුව 2023 මාර්තු මාසයේදී එම සංවිධානය විසින්ම මෙම කොන්ත්‍රාත්තුවලින් සමහරක් ප්‍රගතිය දුර්වල බව පවසමින් අවසන් කරන ලදී. ඇතැම් කොන්ත්‍රාත්කරුවන් නඩු මගට බැස ඇත. මෙය අයිස් කුට්ටියේ කෙළවර පමණි. මෙම සංවිධානයම නීතිය තම අතට ගන්නේ, පැහැදිලිවම, මූල්‍ය හිඟය හේතුවෙන් ඔවුන් දැඩි පීඩනයකට ලක්ව සිටින අතර කොන්ත්‍රාත්තුවේ කොන්දේසිවලටද පටහැනිව, කොන්ත්‍රාත්කරුවන්ගෙන් ගෙවිය යුතු සියලුම මුදල් එකවර කපා හරින බැවිනි. කොන්ත්‍රාත්කරුවන් නීතිමය පිළියම් සෙවීම පුදුමයක් නොවේ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසරකට භික්ෂූන් 2000ක් උපවැදි වෙනවා
2024 මැයි මස 12 4 0

උපසම්පදා භික්ෂුන් 2000කට අධික පිරිසක් වසරකට උපැවිදි වීමේ තත්වයක් රටේ නිර්මාණය වී ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණ


කෝටි 10ක අම්බර් කන්දකුලියෙන් අල්ලයි
2024 මැයි මස 12 14 0

කල්පිටිය කන්දකුලිය ප්‍රදේශයේ නිවසක පිටුපස වලදමා තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් බව කියන අම්බර් (තල්මස් වමනය) කිලෝ 35 කට ආසන්න ප්‍රමානයක් ස


සපුගස්කන්දේ ගෑස් නළයකට අකුණ සැර වදී
2024 මැයි මස 12 277 0

සපුගස්කන්ද පිහිටි තෙල් පිරිපහදු⁣වේ පහනට ( කුළුණට) ගෑස් සපයන නලයකට අද සවස අකුණු සැර වැදීම නිසා ගින්නක් හටගත් බව සපුගස්කන්ද තෙල් පිරිපහදු ආරංචි මාර්ග කි


පාදුක්කේදී මහා කොල්ලයක්
2024 මැයි මස 12 669 0

පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම්


වැස්සෙන් තැන තැන කඳු කඩා වැටේ
2024 මැයි මස 12 823 0

අද දවසපුර පැවති ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවූ අතර කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ හපුතලේ බෙරගල අතර උඩ විහාරගල ප්‍රදේශයේදී ගල


අයිතිකරුවකු නැති යතුරු පැදියක් ඉත්තපානෙන් හමුවේ
2024 මැයි මස 12 580 0

ඉත්තපාන මීගම ගඟේ පාලම අසල අයිතිකරුවකු නැති යතුරු පැදියක් දමා ගොස් තිබියදී ඉත්තපාන පොලිසිය සොයාගෙන ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 634 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2133 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1855 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site