(කේ බුද්ධික කුමාරසිරි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පාදුක්ක මාවතගම ප්‍රදේශයේ අබලි යකඩ ද්‍රව්‍ය එකතු කිරීමේ වෙළදසැලකට කඩු සහ මන්න අතැතිව පුද්ගලයන් තිදෙනකු එහි සිටි හිමිකරුගේ බිරිඳට සහ සේවකයකුට කැපුම් තුවාල සිදු කර මුදල් සහ රන් ආභරණ කොල්ල කා පළා ගොස් ඇතැයි පාදුක්ක පොලිසිය පවසයි.
සැකකරුවන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළයතුරු පැදි හිස් වැසුම් පැළද පැමිණි බව ද කියයි.
අතෙහි ඇගිලිවලට බරපතල කැපුම් තුවාල සිදු වූ එම යකඩ බඩු අලෙවි සැලෙහි හිමිකරුගේ බිරිද හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් කැපුම් තුවාල ලැබූ සේවකයා ප්‍රතිකාර ලබාගෙන ඇත.
අදාල වෙළද සැලෙහි දෛනික කටයුතු අවසන් කිරීමට ටික වේලාවක පෙර රාත්‍රි 7 ට පමණ කුඩා යතුරු පැදියක නැගී මෙම කොල්ලකරුවන් තිදෙනා පැමිණ ඇති බවත් ඔවුන් සතුව කඩු දෙකක් සහ දිගැති මන්නයක් වැනි ආයුධයක් ද තිබී ඇති බවත් වෙළදසැලෙහි සවිකර තිබූ ආරක්ෂිත කැමරා නිරීක්ෂණය කිරීමේදී හදුනා ගත් බවද පොලිසිය පවසයි.
තුවාල ලැබූ වෙළදසැලෙහි හිමිකරුගේ බිරිද පැළද සිටි රන් ආභරණ සහ වෙළදසැලෙහි මුදල් ලාච්චුවේ තිබූ මුදල් සැකකරුවන් කොල්ල කා පලා ගොස් ඇත.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්
ඇමෙරිකාවෙන් ලැබෙන ආධාර නතරවේ යැයි යුක්රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි කණස්සල්ලෙන් පසුවෙද්දී රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් යුක්රේන යුද්ධය ස
නිසි අවසරයකින් තොරව මීරිගම නගරයේ විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගෙ
හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා අද පස්වරුවේ කළුතර පැවතී මැතිවරණ වේදිකාවකදී කඳුලු සලමින් සංවේදී විය.
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දැන් පැවැත
මත්පැන් නිෂ්පාදකයන්ට හිඟ බදු ගෙවීම සඳහා අවසන් කාලයක් සුරා බුදු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පාදුක්කේදී මහා කොල්ලයක්
නිහාල් Sunday, 12 May 2024 08:01 PM
අබලි යකඩ ගන්න කඩ පවා මංකොල්ල කන තරමට ඒ මංකොල්ලකාරයො දෙකේ කොලේට වැටිලා
Shashika519 Monday, 13 May 2024 05:32 AM
යුක්තිය ඉවරද?
සෙනෙවිරත්න Monday, 13 May 2024 03:35 PM
යුක්තිය යනු ටිරාන් විසින් දේශබන්දුගේ පිට කැසීමත්, දේශබන්දු විසින් ටිරාන්ගේ පිට කැසීමත් පමණි. අමතරව පොලීසියට ටාගට් දී ඇත. ඒවා බැංකු මූල්‍ය හෝ නිශ්පාදන ආයතන වලට ටාගට් දෙනවා වැනිය, නඩු සහ අපරාද අල්ලන බව පෙන්වීම එම ටාගට්ය, ඒවාට ඔබද ගොදුරු විය හැක. මහ මග යතුරු පැදියෙන් යන ඔබට මේ අත්දැකීම ලැබිය හැක. එහෙත් මේ පුවත් වැනි පුවත්වල අඩුවක් නැත.