IMG-LOGO

2024 මැයි මස 14 වන අඟහරුවාදා


උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි

(සුජිත් හේවාජුලිගේ)

මධ්‍යම පළාතේ විපක්ෂයේ ද්‍රවිඩ ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා මත්පැන් බලපත්‍ර දෙකක් ලබාගෙන එම මත්පැන් බලපත්‍ර දෙක මහනුවර දිගන ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් දෙදෙනෙකුට විකුණා ඇතැයි කියන සිද්ධියක් වාර්තාවේ.

ඔහු මෙම මත්පැන් බලපත්‍ර දෙක ලබාගෙන ඇත්තේ ආණ්ඩුවට සම්බන්ධ වෙන බවට පොරොන්දුවක් දෙමින් යැයි දැනගන්නට ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණයවීමෙන් පසු දිගන ප්‍රදේශයේ විහාරස්ථානයක නායක ස්වාමීන් වහන්සේ නමක එම මත්පැන් බලපත්‍ර ලබාගත් ව්‍යාපාරිකයන් දෙදෙනා කැඳවා ඒ ගැන විමසා ඇති අවස්ථාවේදී එම බලපත්‍ර දෙක ඉහත පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා දුන් බව ඔවුන් එහිදී ප්‍රකාශ කර ඇතැයි පැවසේ.

අනතුරුව එම නායක ස්වාමීන් වහන්සේ සිද්ධිය පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ඒ ගැන පැමිණිලි කර ඇත.

ආණ්ඩුව මැතිවරණයේදී සහාය ලබා ගැනීමට මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසකට මත්පැන් බලපත්‍ර දෙසීයක් ලබාදී ඇතැයි පසුගිය දිනවල ලොකු කතා බහක් ඇතිවිය.

විපක්ෂ නායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදීද පසුගිය දිනවල ඒ ගැන ආණ්ඩුවෙන් ප්‍රශ්න කළහ. තමා බලයට පත්වූ පසු එසේ ලබා දී ඇති මත්පැන් බලපත්‍ර සියල්ල අහෝසි කරන බව විපක්‍ෂනායකවරයා එහිදී සඳහන් කළේය.

 



අදහස් (7)

උඩරට මන්ත්‍රීවරයකුට ’’බාර්’’ තෑගි

චන්දිම Monday, 29 April 2024 05:43 AM

මුන්ට නේද රට හදන්න පළපුරුද්ද තියෙනවා කියන්නෙ?

:       2       20

Akila Monday, 29 April 2024 06:48 AM

රනිල් ල වජිරලා අපහු සුපුරුදු සෙල්ලම් පටන් අරන් වගේ , බලයේ රැදී සිටින්න කරන්න පුළුවන් හැම තක්කඩි වැඩක් ම කරන මොවුන් හදන රටක් නොමැති බව දැන් වත් මහජනයා තේරුම් ගත යුතුයි

:       3       28

Perera Monday, 29 April 2024 07:36 AM

මන්ත්‍රීන්ගේ ඡන්දයකට ඒ බාර් වලින් බෝතල් ගත්තහැකි

:       2       15

Kazi Shajahan Monday, 29 April 2024 10:26 AM

රනිල් එක්ක පසුගිය දවස්වල රට සංචාර ගියේ මන්ද?

:       1       9

සිල්වා Monday, 29 April 2024 10:28 AM

ආණ්ඩුවෙන් ලබාදෙන අල්ලස් නීත්‍යානුකූල ද? අල්ලස් කොමිසම නඩු පැවරිය යුතුය.

:       1       10

Nimal Monday, 29 April 2024 12:12 PM

මේ දෙපත්තේම ඉන්න එවුන් රට අහයි කියලා හිතෙනවා නම් මොලේ ලොකු අවුලක් තියනවා

:       1       5

සෙනෙවිරත්න Monday, 29 April 2024 04:11 PM

සජිත් ඕවා අවලංගු කරන්නේ එයාගෙ අයට දෙන්න. හිතනවාද වටේ ඉන්න ගෝල බාලයින් දිහා බැලුවාම සජිත්ට එහෙම කරන්න පුලුවන් වෙයි කියලා? කිරිඇල්ලලා, සුජීවලා එහෙම කළා කියලා හීනෙන්වත් හිතන්න එපා...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බෝට්ටුව පෙරැළි ධීවරයා මරුට
2024 මැයි මස 14 21 0

මන්නාරම පල්ලිමුනේ වෙරළින් ධිවර කටයුතු සදහා මුහුදු ගිය ධීවරයෙකු බෝට්ටුව පෙරැළී සිදුවූ අනතුරකින් මුහුදට ඇද වැටී ජිවිතක්ෂයට පත්ව ඇති බව මන්නාරම රෝහල් ප


රජයෙන් දුන් හාල් කෑ කුකුලන් මැරී වැටිලා
2024 මැයි මස 14 644 0

රජය මගින් අඩු ආදායම් ලාභීන්ට ලබාදුන් සහල්වලින් පොඩ්ඩක් කුකුලන්ට ලබාදීමෙන් එය ආහාරයට ගත් කුකුකන් හත්දෙනකු මිය යෑම සම්බන්දයෙන් රසපරීක්ෂක වාර්තාවක් ක


අල්ලස් ගත් පොලිස් නිලධාරීන් ගෙදර
2024 මැයි මස 14 546 0

යුක්තිය මෙහෙයුමට අදාළව විශේෂ රාජකාරී සඳහා යොදවා සිටියදී ලැගුම්හලක සිටි යුවළකගෙන් අල්ලස් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන


අහසේ කැලඹිලි ස්වභාවය තවදුරටත්:වැස්ස වැඩිවේ
2024 මැයි මස 14 208 0

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ වර්ධනය වී පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වය තවදුරටත් පවතින් ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේ


ට්‍රැක්ටරයක් දුම්රියේ ගැටේ අයෙක්මරුට: අයෙක් රෝහලට
2024 මැයි මස 13 617 0

බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කොස්ගොඩ , දූවෙමෝදර දුම්රිය හරස් පාරේදී අත් ට්‍රැක්ටරයක් ගැටී එහි ගමන් ගත් එක් අයකු මියගොස් තවත් අ


බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ වෙඩික්කරු ඉන්දියාවේ දී මාට්ටු?
2024 මැයි මස 13 1769 0

අපේ ජන බල පක්ෂයේ ලේකම් සමන් ප්‍රසන්න පෙරේරා මහතා ඇතුළු පස් දෙනකු බෙලිඅත්ත ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැලකෙන එක් වෙඩික්කර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 672 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2188 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1887 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site